සතිපතා නුවරඑළියට සති අග නිවාඩුව සඳහා පැමිණෙන සංචාරකයන් රැගෙන එන සහ රැගෙන යන සිනමන් එයා ටෙස්නා 208 ගුවන් යානය සංචාරක මඟින් රැගෙන කොළඹ යෑමේ බලාපොරොත්තුවෙන් නුවරඑළියට පැමිණි අවස්ථාවේ දී සුළඟේ වේගය පාලනය කරගත නොහැකිව අනතුරට ලක් විය.
අනතුරට ලක්වන අවස්ථාවේ දී ගුවන් නියමුවා සහ සහායකයා පමණක් ගුවන් යානයේ සිටි ඇති අතර පොලිස් ජීවිත ආරක්ෂක බලකාය සහ ග්‍රෙගරි වැවේ බෝට්ටු සංගම්, බෝට්ටු පැදිකරුවන් එක්ව කඩිනමින් ගුවන් යානයෙන් ඔවුන් මුදවාගෙන නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව නුවරඑළි කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී 2 ( වැඩ බලන පොලිස් අධිකාරී ) චන්දන බස්නායක පැවසී ය.
සිදුවීම සම්බන්ධ වැඩිපුර පරීක්ෂණ නුවරඑළිය පොලිසිය මගින් සිදු කරනු ලබන අතර අනතුරට ලක් වූ ගුවන් යානය කඩිනමින් ඉවත් කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
නාලක රත්නායක - නුවරඑළිය

