කොළඹ වරාය නගර සංශෝධන පනතින් මෙරට ආර්ථිකයට බරපතළ අවදානමක්; ෆයිසර් මුස්තෆා අනතුරු අඟවයි

කොළඹ වරාය නගර සංශෝධන පනතින් මෙරට ආර්ථිකයට බරපතළ අවදානමක්; ෆයිසර් මුස්තෆා අනතුරු අඟවයි

වරාය නගර කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත මගින් මෙරට දේශීය ආර්ථිකය අස්ථාවර කළ හැකි ක්‍රමවේදමය අවදානමක් (Systematic Risk) නිර්මාණය වෙමින් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තෆා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (07) පාර්ලිමේන්තුවේ දී ය.

'සෙවණැලි බැංකු පද්ධතියක් නිර්මාණය වේවි ද...?

වරාය නගරයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර පත් කිරීම පිළිබඳව සුබ පතමින් කතාව ආරම්භ කළ මන්ත්‍රීවරයා, ආයෝජන මණ්ඩලයේ (BOI) අධ්‍යක්ෂ ජනරාල්වරයකු වසර හතරක් තිස්සේ පත් කර නොමැති වීම පිළිබඳව ද රජයට දෝෂාරෝපණය කළේ ය. පනතේ 421 වගන්තිය යටතේ, මෙතෙක් වරාය නගරයේ විදේශීය බැංකුකරණ කටයුතු (Offshore Banking) සඳහා බලපැවැත් වූ බැංකු පනතේ විධිවිධාන ඉදිරියේ දී අදාළ නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. මීට පෙර බැංකු පනත යටතේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැංකු බලපත්‍ර, මෙම සංශෝධනයෙන් පසු වරාය නගර කොමිෂන් සභාව හරහා නිකුත් කිරීමට නියමිත ය. එවැනි බලපත්‍ර නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් කොමිසමට තිබේදැයි ප්‍රශ්න කළ මුස්තෆා න්ත්‍රිවරයා, මේ හරහා 'සෙවණැලි බැංකු පද්ධතියක්' (Shadow Banking System) නිර්මාණය විය හැකි බවට අනතුරු ඇඟවීය. එමෙන්ම, වරාය නගරයේ ක්‍රියාත්මක වන විදේශීය බැංකුවලට මෙරට දේශීය බැංකුවලින් ඩොලර් ණයට ගැනීමට අවස්ථාව ලැබීම හරහා මෙරට විදේශ විනිමය සංචිතයට මෙන්ම දේශීය බැංකු පද්ධතියට ද විශාල බලපෑමක් එල්ල විය හැකි බව ඔහු සඳහන් කළේය.

'මොළය පිටරට ගලායාමේ' (Brain Drain) ප්‍රවණතාව තවදුරටත් ඉහළට

ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සහ මහ බැංකුවේ භූමිකාව මහ බැංකුව විසින් මෙතෙක් දේශීය බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ජාත්‍යන්තර 'බාසල්' (Basel) ප්‍රමිතිවලත් වඩා වැඩි ප්‍රාග්ධන ප්‍රමාණවත් අනුපාතයක් (10%) පවත්වාගෙන ගිය ද, නව සංශෝධනය යටතේ ජාත්‍යන්තර ප්‍රමිතීන් පමණක් සැලකීම තුළින් යම් අපැහැදිලි තත්ත්වයක් උදාවන බව ඔහු ප්‍රකාශ කළේ ය. මෙහි දී බලපත්‍ර නිකුත් කිරීමේ බලය කොමිසමට ලබාදී මහ බැංකුවේ භූමිකාව සීමා කිරීම බැංකු පද්ධතියට අහිතකර ලෙස බලපානු ඇතැයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය. බදු පීඩනය සහ මොළය පිටරට ගලායාම වරාය නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික නේවාසිකයන්ට සියයට 36ක් බඳු ඉහළ ආදායම් බදු ගෙවීමට සිදුවීම හරහා දක්ෂ තරුණ පිරිස් සහ වෘත්තිකයින් රට හැර යන 'මොළය පිටරට ගලායාමේ' (Brain Drain) ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වන බව මුස්තෆා මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය. ඩුබායි බඳු රටවල් සමග සැසඳීමේ දී ශ්‍රී ලංකාව ආයෝජන සඳහා තරගකාරී නොවන බවත්, බලශක්ති සහ ශ්‍රම පිරිවැය ඉහළ මට්ටමක පවතින බවත් ඔහු පැවසීය.

දේශීය ව්‍යාපාරිකයන් කලකිරීමට පත් වෙලා

ආයෝජකයින් මුහුණ දෙන ගැටලු මෙරට දේශීය ආයෝජකයින් ද දිරිමත් කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා, නිශ්චල දේපළ ක්ෂේත්‍රයේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ආයතන 21කින් පමණ අනුමැතිය ලබා ගැනීමට සිදුවීම නිසා දේශීය ව්‍යාපාරිකයන් කලකිරීමට පත්ව ඩුබායි බඳු රටවල ආයෝජනය කරන බව ප්‍රකාශ කළේ ය. වරාය නගර කොමිසමට අයදුම්පතක් ඉදිරිපත් කළ පසු එය පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නිශ්චිත කාල රාමුවක් නොමැති වීම ද ආයෝජකයින්ට බාධාවක් බව ඔහු පෙන්වා දුන්නේ ය. අවසාන වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මත පමණක් පදනම් නොවී, ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් ආයෝජන හිතකාමී රටක් බවට පත් කිරීමට රජය කටයුතු කළ යුතු බව ෆයිසර් මුස්තෆා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න