කලාපීය සහයෝගීතාවට ඉන්දියාවේ කේන්ද්‍රීය කාර්‍යභාරයක් අවශ්‍යයි - නාමල් රාජපක්ෂ

කලාපීය සහයෝගීතාවට ඉන්දියාවේ කේන්ද්‍රීය කාර්‍යභාරයක් අවශ්‍යයි - නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, දේශපාලන අස්ථාවරත්වය සහ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා දකුණු ආසියාවේ ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක් ඉල්ලා සිටියේය. තව ද සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ඉන්දියාවේ කේන්ද්‍රීය කාර්යභාරය පිළිබඳව ද ඔහු අවධාරණය කළේ ය.

X සටහනක දී, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව මෑතකදී දේශපාලන නොසන්සුන්තාව සහ රජයේ වෙනස්කම් අත්විඳ ඇති බවත්, සමහර විට අන්තවාදී කොටස් විසින් එම කුමන්ත්‍රණ පෝෂණය කරන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කළේ ය.

මෙම ගැටලු විසඳීම සඳහා අන්තවාදයට එරෙහිව සටන් කිරීමට, දේශපාලන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට සහ සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සාමූහික උත්සාහයක් අවශ්‍ය බව ඔහු පැවසී ය.

නැගී එන අර්බුදවලට ඔරොත්තු දීමට සහ බෙදාගත් අභියෝගවලට සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට දකුණු ආසියාවට වැඩි කලාපීය සහජීවනයක් අවශ්‍ය වන බවත්, ඉන්දියාවේ නායකත්වය කලාපයේ දිගුකාලීන ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය බව ඔහු පැවසී ය.

දකුණු ආසියානු ජාතීන් අතර සමීප සම්බන්ධීකරණය හරහා ජාත්‍යන්තරයට කරන බලපෑම ශක්තිමත් කළ හැකි බව රාජපක්ෂ අවධාරණය කළේ ය.

ඉදිරියේ දී බංග්ලාදේශයේ සහ නේපාලයේ පැවැත්වෙන මැතිවරණ, නිදහස් හා සාධාරණ ඡන්ද ක්‍රියාවලීන් හරහා ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවය නැවත තහවුරු කිරීමට සහ කලාපීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවස්ථා ලෙස ඔහු පෙන්වා දුන්නේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න