එජාප - සජබ එකතුවන බවට පාක්ෂිකයින් බලාපොරොත්තු වෙනවා - කාවින්ද ජයවර්ධන

එජාප - සජබ එකතුවන බවට පාක්ෂිකයින් බලාපොරොත්තු වෙනවා - කාවින්ද ජයවර්ධන

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බවට පක්ෂ දෙකේ ම පාක්ෂියින් ගේ ඉල්ලීමක් තිබෙන බැවින් ඒ සඳහා පක්ෂයක් ලෙස පුර්ණ ආශිර්වාදය ලබා දී ඇති බවත්, ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් සමග සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ පසු ගිය 07වන දා සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ කාවින්ද ජයවර්ධන...

පක්ෂයක් ලෙස පුර්ණ ආශිර්වාදය ලබා දී තිබෙනවා

සමගි ජනබලවේගය ප්‍රතිපත්තිගුරුක පක්ෂයක්. ඒ ප්‍රතිපත්තිවලට ගරු කරමින් පාක්ෂිකයන් ගේ ඉල්ලිම්වලට ගරු කරමින් කටයුතු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බවට පක්ෂ දෙකේම පාක්ෂියන්ගේ ඉල්ලිමක් තිබෙනවා; එකඟතාවයකට පැමිණ සම්මුතියෙන් කටයුතු කිරීම වැදගත් බවත් පාක්ෂිකයන් විශ්වාස ''කරනවා. එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කිරීමේ ද අවකාශය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ලඩලය කටයුතු කරනු ලැබුවේ. ඒ සඳහා පක්ෂයක් ලෙස පුර්ණ ආශිර්වාදය ලබා දී තිබෙනවා.

පක්ෂ දෙකේ ප්‍රතිපත්තිවල විශාල වෙනසක් නැහැ

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් සමග සාකච්ඡා කරන්න සජිත් ප්‍රේමදාස  කටයුතු කර තිබෙනවා. එම අවකාශය නිර්මාණය කරන්න සජිත් ප්‍රේමදාස  හැකියාව ලැබුණා. ඒ වගේ ම මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට සඳහා 13වෙනිදා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්විමට නියමිතව තිබෙනවා. පක්ෂ දෙකේ ප්‍රතිපත්තිවල විශාල වෙනසක් නැහැ. එම නිසා එකඟතාවයකට පැමිණ රට වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. මෙම ක්‍රියාවලිය ධනාත්මක තැනකට ගෙන ඒමට සජිත් ප්‍රේමදාස  කටයුතු කරනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න