මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල මුදල් දිට්වා සුළි කුණාටුවට සහන සහන දීම සඳහා භාවිත කරන නිසා එම ආධාර ලබා නොගෙන නව ආධාර ලබා දෙන ලෙස ඒ ඒ ආයතනවලින් ඉල්ලා සිටින ලෙසට රජයේ අවධානය යොමු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් කළේ ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
''බොහෝ වේලාවට සාර්ව ආර්ථික විචල්‍ය ගැන කතා කළත් ආර්ථික වර්ධන වේගය, වෙනත් සංඛ්‍යා ලේඛන හෝ වේවා ක්ෂුද්‍ර ආර්ථිකයට එනම් පුද්ගලයන්ට ගෘහ ඒකකවලට බලපාන ආකාරය ගැනත් වැදගත්. අද පවතින ආර්ථික වර්ධනය වේගය තුළින් ක්ෂුද්‍ර ආර්ථිකයට වන බලපෑම දැන ගැනීමට කැමතියි. දිට්වා සුළි කුණාටුව නිසා විවිධ ද්වි පාර්ශ්වීය ආධාර හා බහු පාර්ශ්වීය ආධාර ලැබී ඇති මුත් ක්‍රියාත්මක වන විදේශ ආධාර වැඩපිළිවෙළ නැවත මේ වෙනුවෙන් යොදා ගැනීම සිදු කර තිබෙනවා. එනම් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල මුදල් දිට්වා සුළි කුණාටුවට සහන දෙන්න යොදා ඇති නිසා එම ආධාර ලබා නොගෙන නව ආධාර ලබා දෙන ලෙස ඒ ඒ ආයතනවලින් ඉල්ලා සිටින ලෙසට රජයේ අවධානය යොමු කරන්න. අලුතින් මූල්‍ය ශක්තියක් ලැබෙන තැනට සාකච්ඡා සිදුවිය යුතු යි. එසේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අද කඩා වැටී ඇති නිසා මේ අය අද වාණිජ බැංකුවලට විරුද්ධව නඩු දාන්න යනවා.''

