අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය යි - ලසන්ත අලගියවන්න

අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය යි - ලසන්ත අලගියවන්න

අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, එය පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ ම සහභාගිත්වයෙන් සිදුකරනවා නම් එයට සහයෝගය පළකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බවත් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (10) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අමතමිනි.

එම අවස්ථාවේ වැඩි දුරටත් අදහස් දැක්වූ ලසන්ත අලගියවන්න...

''අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඒ දේවල් ඉෂ්ට වෙන්න ඕන. පක්ෂයක් හැටියට අපිත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරා. යම් යම් අඩුපාඩු අපි අතිනුත් සිදුවුණා. අපි ඒවා පිළිගන්න ඕන. ඇමතිවරු මාරු වෙනකොට ප්‍රතිපත්ති මාරු උණා. අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ ම සහභාගිත්වයෙන් සිදුකරනවා නම් අපි එයට සහයෝගය පළ කරනවා.

ජනාධිපතිතුමා නිවාස හදලා දෙනවා කියලා පාර්ලිමේන්තුවේ කිව්වා හොඳයි දැන් ඒ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා දෙනවා කිව්වනම් ඒවා කරන්න ඕන.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න