කටුගම්පල සමූපකාර ඡන්දයෙන් සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

කටුගම්පල සමූපකාර ඡන්දයෙන් සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

ඊයේ (10) පැවැති සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභාව සඳහා සභිකයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණයෙන් ඒකාබද්ධ පොදු විපක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වී තිබෙනවා.

වාර්තා වන අන්දමට ඒකාබද්ධ පොදු විපක්ෂය ඡන්ද 113ක් ලබාගනිමින් බහුතර බලය තහවුරු කරගත් අතර, ජාතික ජන බලවේගයට හිමි වි ඇත්තේ ඡන්ද 06ක් පමණි.

ගණ පූරණය නොමැති වීම හේතුවෙන් ප්‍රාදේශික 05ක ඡන්ද විමසීම ශූන්‍ය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණ ද, සමිතියට අයත් ප්‍රාදේශික 36ක් අතුරින් ප්‍රාදේශික 31ක් සඳහා ඡන්ද විමසීම පවත්වා ඇත. මහ සභාව සඳහා ද, කොට්ඨාස කිහිපයක ඡන්දය නොපැවැත්වීම හේතුවෙන් ඊයේ තේරී පත් වූ මුළු සභික සංඛ්‍යාව 119ක් බවත් වාර්තාකරු සඳහන් කළා. මෙම ජයග්‍රහණයත් සමග කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ ඉදිරි පාලන කටයුතු මෙහෙයවීමේ වගකීම ඒකාබද්ධ පොදු විපක්ෂය සතු වෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න