මලල ක්‍රීඩා සභාපති ධුරයට 4ක් සටනේ

මලල ක්‍රීඩා සභාපති ධුරයට 4ක් සටනේ

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ 2026-28 කාලය සඳහා නිලධාරීන් පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත නිලවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඊයේ (12 වැනිදා) දිනයෙන් අවසන් වූ අතර සභාපති ධුරය සඳහා අපේක්ෂකයන් සිව්දෙනකු නාමයෝජනා භාර දී ඇති බව වාර්තා වේ.



ඕල්කට් පාසල් එකමුතුවෙහි සභාපති බිමල් විජයසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුගත් කුමාර, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ හිටපු සභාපතිවරයකු වන සුනිල් ගුණවර්ධන සහ වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රසන්න ඉන්දික මෙලෙස සභාපති ධුරය සඳහා නාමයෝජනා භාර දී තිබේ.

ප්‍රසන්න ඉන්දික මීට අමතරව උප සභාපති ධුරය සඳහා ද නාමයෝජනා භාර දී ඇත. ඔහුට අමතරව තවත් 6 දෙනකු උප සභාපති ධුරය ඉදිරිපත්ව ඇති බවට වාර්තා වන අතර ජගත් ඥානසිරි සිල්වා, ජයන්ත සියමුදලි, ප්‍රසන්න අලුවිහාරේ, අයිරාංගනී රූපසිංහ, ගීතිකා ජයතිලක සහ ලාල් චන්ද්‍ර කුමාර එම පිරිස වේ. උපාලි කුමාරසිරි ද සහාපති ධුරය සඳහා ඉදිරිපත් වනු ඇති බවට මින් පෙර සඳහන්ව තිබූ නමුත් නාමයෝජනා භාර දී නොතිබුණි.

ප්‍රධාන ලේකම් ලෙස මාධව බණ්ඩාර සෙනරත්, ධම්මික සේනානායක සහ සමීර පෙරේරා නාම යෝජනා ඉදිරිපත් කරද්දී, ඒ සඳහා තරගකරනු ඇති බවට පැවසුණු හිටපු කෙටි දුර ධාවන ශූර ෂෙහාන් අඹේපිටිය ලේකම් ධුරයට නාම යෝජනා ඉදිරිපත් නොකළ නමුත් දත්ත සටහන්කරු තනතුර සහ කමිටු සාමාජිකත්වය සඳහා ඉදිරිපත්ව ඇත. ඔහුට අමතරව එස්.එම්.ඒ.බී. සමරකෝන් ද දත්ත සටහන්කරු ලෙස නාමයෝජනා භාරදීමට කටයුතු කර ඇත.

රසිකා නිලංගනී සහ එච්.ආර්.ජේ. හේවගේ භාණ්ඩාගාරික තනතුරු සඳහා නාමයෝජනා භාර දී ඇත. මීට අමතරව සහකාර ලේකම් තනතුර සඳහා සිව්දෙනකු, සහකාර භාණ්ඩාගාරික තනතුර සඳහා සිව්දෙනකු මෙන්ම කමිටු සාමාජිකත්වය සඳහා 23 දෙනකු ඉදිරිපත්ව ඇත.

නාමයෝජනා ලැයිස්තුව නුදුරු දිනකදී නිල වශයෙන් එළිදැක්වෙනු ඇති අතර විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා හිමිවන කාලය අවසන්වීමෙන් අනතුරුව, නිලවරණය පැවැත්වෙන දිනය පංච පුද්ගල නිලවරණ කමිටුව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.


( aruna | නදුන්ක නෙත්සර)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න