කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ සජබ කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කර ඇත.
පසුගිය වසර කිහිපය තුළ සජබ සංවිධායකවරු, අපේක්ෂකයින් පුහුණු කිරිමේ සහ උපාය මාර්ග සැලසුම් කිරීමේ වැඩමුළු, ජනමත සමීක්ෂණ මෙහෙයවනු ලැබුවේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ විසිනි.
මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ සජබ මාධ්‍ය උපදේශක සහ හාලිඇල ප්‍රධාන සංවිධායක තනතුරු ද දරයි. 2019 ජනාධිපතිවරණයේ සජබ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ මූලිකත්වය ගෙන කටයුතු කළේ ද මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ ය. ඔහු ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිවල ජාතික සන්නිවේදන විශේෂඥවරයෙක් වශයෙන් ද, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්‍ෂ, ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ සභාපති ආදී තනතුරු ද දරා ඇත.
මහාචාර්ය වීරසිංහ සංවර්ධන සන්නිවේදනය සහ දේශපාලන ආර්ථිකය පිළිබද විශේෂඥවරයෙකි.

