තොරතුරු කොමිසම අඩපණ කර, විගණකාධිපති කෙනෙක් පත් නොකරන රටක නීතිපතිට මඩ ගසා රාජ්‍ය යාන්ත්‍රණයේ තුලන හා සංවරණ ක්‍රියාවලිය අඩපන කිරීමට ආණ්ව කටයුතු කරන්නේ යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ නිපෝන් හෝටලයේ පැවති ‘ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව’ සංවිධානය කළ පුවත්පත් සාකච්ඡාවක් අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රජිත් තෙන්නකෝන්...
දක්ෂ කීර්තිමත් කොමසාරිස්වරයෙකු ඉල්ලා අස් වෙලා
''ආණ්ඩුව ඉස්සර වෙලාම තොරතුරු කොමිසමට මුදල්, සම්පත් දෙන්නේ නැතුව අකර්මන්‍ය කළා. ජනාධිපති කාර්යාලයට ‘තොරතුරු පනතට’ අනුව තොරතුරු නිදහස් කරන්නේ නැතුව තොරතුරු පනත විනාශ කරන්න හදනවා. දැන් තොරතුරු කොමිසමේ හිටපු දක්ෂ කීර්තිමත් කොමසාරිස්වරයෙකු වෙච්ච ජගත් ලියනාරච්චි මහතා තමන්ගේ ධුර කාලයෙන් මාස 11 ක් තිබිය දී ඉල්ලා අස්වී තිබෙනවා.
ආණ්ඩුව පාර්ශ්වයෙන් නීතිපතිට මඩ
අද රටේ විගණකාධිපතිවයෙක් නෑ. රටේ විගණන ක්‍රියාවලිය මාස ගණනාවක් ක්‍රමිකව අකර්මන්‍ය වෙමින් තියෙනවා. විගණන ක්‍රියාවලියක් නැතිවීම රාජ්‍ය සේවයේ බොහෝ දුෂණ අක්‍රමිකතා සඳහා හේතු වී තිබෙනවා.ඉතිහාසයේ පළමුවරට නිතිපතිවරයා ඉවත් කිරීමට බලපෑම් එල්ල වෙනවා. එය මෙහෙයවන්නේ විදේශගතව සිටින විශ්‍රාමික මාධ්‍යවේදියෙක්. ආණ්ඩුවේ වීරප්පන් බළකාය සහ මන්ත්‍රීවරු පවා ‘නීතිපතිට’ මඩ ගහනවා.
රජයේ නීතිඥවරයා නඩු පවරන්නේ දිනන්න
නීතිපති කියන්නේ රජයේ නීතිඥවරයා. ඔහු නඩු පවරන්නේ දිනන්න මිසක් පරදින්න නෙවෙයි. ඔහුට බෑ ආණ්ඩුවේ මඩ බළකායට වගේ කාඩර්ලා සතුටු කරන්න නඩු දාන්න. කනිෂ්ඨ නීතිඥවරුන්ට අධිචෝදනා දෙන්න බෑ. නීතිපතිට මඩ ගහන්නේ තමන්ගේ කුඨ අභිප්‍රායන් ඉටු කර ගන්න. තොරතුරු කොමිසමක් නැතුව, විගණකාධිපති නැති රටක නීතිපතිට මඩ ගහලා රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන්න ඕනි තුලන හා සංවරණ ක්‍රියාවලිය අඩපණ කරන්න ආණ්ඩුව කටයුතු කරනවා.''

