කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල උපතිස්ස පිරිවෙනේ අධ්‍යාපනය ලබන සාමණේර භික්ෂූන් වහන්සේලාට නව වසරේ අධ්‍යාපන උපකරණ සහ පොත්පත් පිරිනැමීමේ උත්සවය පසුගිය 10දා බානගල උපතිස්ස පිරිවෙනේ දී පැවැත්වුණි.
මෙම උත්සවය පැවත් වූයේ කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ආචාර්ය අනුකුරන් දත්තා (Dr.Ankuran Dutta) ගේ සහභාගිත්වයෙන් ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියන් ගේ ප්‍රධානත්වයෙනි.
මූලික පිරිවෙනක් ලෙස 2012 වසරේ ආරම්භ වූ බානගල උපතිස්ස පිරිවෙන 2025 වසරේ දී මහ පිරිවෙනක් ලෙස උසස් කෙරිණ. බානගල උපතිස්ස මහ පිරිවෙනේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා 100කට ආසන්න පිරිසක් නේවාසිකව අධ්‍යාපනය ලබති. අතිශය දුෂ්කර ගම්මානයක ඉතාමත්ම විධිමත්ව ගෞරවාන්විතව පවත්වා ගෙන යන බානගල උපතිස්ස පිරිවෙනට පැමිණීමට ලැබීම සහ ඉන්දියානු රජය වෙනුවෙන් එම පිරිවෙනට අනුග්‍රහය දැක්වීමට ලැබීම විශාල භාග්‍යයක් ලෙස සලකන බව ආචාර්ය අනුකුරෙන් දත්තා මෙහි දී පැවසී ය.
පරිවේනාධිපති පණ්ඩිත වලල්ලාවිට නන්ද හිමිපාණන් ගේ ඇරයුමෙන් ආචර්ය අන්කුරන් දත්තා විහාරස්ථානයේ ආගමික වතාවත්වලට ද එක් විය. මෙම අවස්ථාවට ජපානයේ සවරා ලංකාජී විහාරාධිකාරි කොස්වත්තේ පාලිත හිමියෝ ද සහභාගි වූහ.
ජේ.මුණසිංහ

01.බානගල උපතිස්ස නා හිමියන් අන්කුරන් දත්තා වෙත සමරු සිහිවටනය ප්‍රදානය කිරීම.

