ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති වූ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 05 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පසුගිය වසරේ නොවැම්බර් 16වන දා ත්‍රිකුණාමලය විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්හාස කිරීමත් සමග එහි නොසන්සුන්තාවක් හටගෙන තිබුණි.
මෙම සිද්ධියට අදාළ ඉදිකිරීම් අනවසර බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබූ බැවින් පොලිසිය පැමිණ බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේ දී හිමිවරුන් ගෙන් මෙන් ම ප්‍රදේශවාසීන් ගෙන් ද පොලීසියට දැඩි විරෝධයක් එල්ල වී තිබුණි.
ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන මෙම සිද්ධියට අදාළ නඩුවකට අදාළ පාර්ශ්ව කැඳවා තිබුණි; එහි දී මෙම පිරිස ජනවාරි මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කැ ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
