ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා අධ්‍යාපනයට කුඩම්මා ගේ සැලකිල්ල දී ඇති බැවින් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී ‘නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කිරීමේ පොදු වේදිකාව’ සකස් කිරීමේ අවස්ථාව සමග එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා...
29වෙනි වගන්තිය බාධාවක්
''අධ්‍යාපනය යනු මූලික හා මානව අයිතිවාසිකමක් ලෙස සිතිය යුතු දෙයක්. අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස නොපැවතියත් හයවෙනි පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව අධ්‍යාපනය ගැන සඳහන්. මෙහි නූගත්කම තුරන් කිරීම අරමුණක් ලෙස දක්වා ඇති නමුත් 29වෙනි වගන්තිය යටතේ එය අභියෝග කරන්න බැරි බව දක්නට ලැබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා අධ්‍යාපනයට කුඩම්මා ගේ සැලකිල්ල දී ඇති නිසා ව්‍යවස්ථා සංශෝධනයක් හරහා අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් විය යුතු යි.
අධ්‍යාපන අර්බුදයට හේතුව
මේ වන විට අප රටේ අධ්‍යාපනය ඛේදනීය තත්ත්වයකට පත් වෙලා. 2026 වසරේ 6 ශ්‍රේණියේ විෂය නිර්දේශ අසාර්ථකත්වය ගැන බොහෝ අවධානය යොමු වුවත් පාසල්, විශ්වවිද්‍යාල, තෘතීයික අධ්‍යාපනය ඇතුළු සමස්ත අධ්‍යාපනයේ කඩා වැටීමක් ද සිදුව තිබෙනවා. අධ්‍යාපනයේ ඇති අර්බුධය ඊයේ පෙරේදා ගත් තීන්දුවලින් අවසන් වෙන්නෙ නැහැ. අධ්‍යාපනයේ අර්බුධය ආරම්භ වූයේ නිසි සාකච්ඡාවකින් සංවාදයකින් තොරව සහභාගීත්ව ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක නොවීම නිසා. මේ හේතුවෙන් ඉතාමත්ම ගැඹුරින් මේ මාතෘකාව ගැන අවධානය යොමු කර, පටු දේශපාලන මතිමතාන්තර ඉවත් කර, රටේ අධ්‍යාපනය, 41 ලක්ෂයක් පාසල් දූ පුතුන් ගේ නිදහස් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළු සමස්ත අධ්‍යාපන අයිතිය සුරක්ෂිතව නිදහස් නිවහල් නොමිලේ ගුණාත්මක භාවයකින් ඉහළව ලබා දිය යුතු යි.
අධ්‍යාපනය සම්බන්ධ සාකච්ඡා අපක්ෂපාතීව සිදුවිය යුතුයි
සාකච්ඡා පුළුල් ලෙස ක්‍රියාත්මක කර අද ඇති බරපතළ ගැටලුවලට සාධනීය විසඳුම්: එක් කතාවකින්, එක් වාරයකින්, සාකච්ඡාවකින්, එක් දවසකින් තොරව විධිමත් සාකච්ඡාවලින් පසුව අපක්ෂපාතීව එය ක්‍රියාත්මක කළ යුතුයි. විෂය නිර්දේශ මෙන් ම: ස්වාධින ගුනාත්මකභාවය සහතික කිරීම ද, නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ජාතික අධ්‍යාපනය ආයතනය අධ්‍යාපනය අමාත්‍යාංශය ආදිය ක්‍රියාත්මක වීම ආදිය සාර්ථක කරන්න නිරන්තර පොදු වේදිකාව විපක්ෂ නායක කාර්යාලයේ ක්‍රියාත්මක කරනවා. එය කාමරයක සිදු කරන සාකච්ඡාවකට අමතරව පළාත් නවය ම පරිපාලන දිසත්‍රික් 25 ම ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් පවා ක්‍රියාත්මක කරනවා.
නූතන අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු යි
ග්‍රාමීය උතුරු නැගෙනහිර වැඩි අවධානයක් යොමු නොවූ කොට්ඨාස පවා ඉලක්ක කර ගෙන මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු යි. ප්‍රභූ සහ මුදල් ඇති අය පමණක් නෙවෙයි; ජන සමාජයේ සෑම තලයක් ම නියෝජනය වන ආකාරයට මේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් විය යුතු යි. මෙතෙක් සිදුවූ හානිය වළක්වා ගන්න සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. පාසල් සිසුන්ට සුහුරු අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දිය යුතු යි. එහි දී නියම ආරක්ෂිත ක්‍රමවේද සහිතව සුහුරු උපකරණ දරුවන්ට ලබා දිය යුතු නිසා නිදහස් නිවහල් අධ්‍යාපන සංකල්පයක් නිර්මාණය කර, white paper එකක් ලෙස සකස් කර, රජයට ලබා දෙනවා. රජය තවමත් මේ ධවල පත්‍රිකා හරිත පත්‍රිකා ආදිය ඉදිරිපත් කර නොමැති වුවත්, විපක්ෂ නායක කාර්යාලයේ මැදිහත්වීමෙන් හෝ එවැනි ලේඛනයක් සකස් කරනවා. මේ ජාතික සංග්‍රාමයට සියලු දෙනා සූදානම් වෙවා. රටේකම ගමේකම අපේකම සංස්කෘතිය සභ්‍යත්වය රැකගෙන නූතන අධ්‍යාපන ක්‍රමයක් සකස් කළ යුතු යි. මේ හරහා සුහුරු පුරවැසි පරපුරක් නිර්මාණය කළ යුතු යි.''

