චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරයි

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරයි

ළමා ආරක්ෂණය සුරැකෙන පරිදි, මනා නියාමනයකින් යුත් ඩිජිටල් අධ්‍යාපනයක් සැකසීමේ වගකීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව සිදු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිණි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයේ (14) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති, චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරමිනි.

ව්‍යාපෘතියේ අරමුණ

එම වැඩසටහන ආරම්භ කිරීමේ  ගිවිසුම අත්සන් කිරීම, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සහ චීන තානාපති H.E. Qi Zhenhong  විසින් සිදු කරන ලදී. පන්ති කාමර තුළ තාක්ෂණික උපකරණ සවිකිරීම අභිභවා ගිය, ළමයාව මනා ලෙස මාර්ගගත සුරක්ෂිතතාවකින් ආරක්ෂා වූ තාක්ෂණික අධ්‍යාපන රටාවකට යොමු කිරීම ව්‍යාපෘතියේ අරමුණ යි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් සඳහා වන ක්ලවුඩ් (Cloud) දත්ත මධ්‍යස්ථානයක්, දුරස්ත ඉගෙනුම් ක්‍රමවේදයක් සහ කෘත්‍රිම බුද්ධිය ඔස්සේ මෙහෙයවිය හැකි විශේෂාංග සහිත ස්මාර්ට් පන්ති කාමර 900කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවීමට ද  සැලසුම් කර ඇත. 

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...

 ''අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම ඉලක්කගත සාධකයක්. ඩිජිටල් අසමානතාවක් පවතින පාසල් හඳුනාගෙන ඒවා ඩිජිටල්කරණයට ලක් කොට සෑම සිසුවකුට ම සමාන අධ්‍යාපන පහසුකම් භුක්ති විඳීමට ඉඩ සලසා දිය යුතු යි. තාක්ෂණය අධ්‍යාපනයට එක් කිරීමේ දී ළමා ආරක්ෂණය සුරැකෙන සේ ළමා මනසට ගැළපෙන ආකාරයෙන් යම්කිසි රාමුවක් තුළ එම ක්‍රමවේදයන් සැකසිය යුතු යි.''

එම අවස්ථාවට: අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, චීන තානාපති කාර්යාලයේ සහ සමාගම් කිහිපයක නිලධාරීන්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. 

අග්‍රාමාත්‍ය - මාධ්‍ය ඒකකය.

615053042 122192265536542201 285360227159736137 n615237049 122192265518542201 7413741002014720262 n615475804 122192265638542201 4181801727684753914 n

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න