කුණුවලට මුවාවී වරායේ කෝටි ගණනක වැලිවලට විදලා

කුණුවලට මුවාවී වරායේ කෝටි ගණනක වැලිවලට විදලා

කොළඹ වරායේ අදානි පර්යන්තයේ අබිලි ද්‍රව්‍ය ඉවත්කරන්නේ යැයි හඟවමින් එම පර්යන්ථයේ ගොඩගසා ඇති රජයට අයත් මුහුදු වැලි බලපත්‍ර නොමැතිව වංචනික ලෙස විකිණිමේ ජාවාරමක් හෙළිවී ඇති බවත් එම ජාවාරම්කරුවන් මාස අටකට අධික කාලයක් රුපියල් කෝටි 100 කට අධික වටිනාකමින් යුත් වැලි බාහිර පාර්ශවලට අළෙවි කරන්නට ඇතැයි අනුමාන කළ හැකි බවත් වරාය සේවකයෝ පවසති.



අදාල වැලි ජාවාරම පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ භූ විද්‍යා සමීක්‍ෂණ සහ පතල් කාර්යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විශේෂ කාර්ය බලකාය සහ භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය එක්ව කළ වැටලීමකදී නීතිවිරෝධීව පිටකරමින් තිබූ වැලි ලොරියක්  අත්අඩංගුවට ගත් බවත් සේවකයෝ කීහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න