මිහින්තලේ නායක හාමුදුරුවන්ට කළ අපහාසාත්මක ආමන්ත්‍රණය හෙළා දකිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මිහින්තලේ නායක හාමුදුරුවන්ට කළ අපහාසාත්මක ආමන්ත්‍රණය හෙළා දකිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් රජයේ  කැබිනට් ඇමතිවරයකු විසින් මිහින්තලේ රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේව මිහින්තලේ වනචාරියා නමින් අපහාසාත්මක ලෙස හැඳින්වීම තමා තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ වත්මන් රජයේ කැබිනට් ඇමතිවරයකු විසින් මිහින්තලේ රජමහ විහාරයේ නායක ස්වාමීන් වහන්සේට මිහින්තලේ වනචාරියා ලෙස අපහාස කරමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

 වහාම සමාව ඉල්ලන්න

''කැබිනට් අමාත්‍යවරයකු ඒ ආකාරයෙන් ගෞරවනීය මහා සංඝරත්නයට අපහාස කිරීම සම්බුද්ධ ශාසනයට සිදු කළ නින්දාවක් සේම පිළිකුල් ක්‍රියාවක්. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න සිටින මුර දේවතාවන් වන්නේ මේ ගරුතර මහා සංඝරත්නය යි. අප ජීවත් වන්නේ ශිෂ්ටසම්පන්න රටක නිසා උන්වහන්සේලාට ගෞරවයෙන් ආමන්ත්‍රණය කළ යුතු යි. ශිෂ්ටසම්පන්න සුචරිතවත් ජන සමාජයක අප ජීවත් වන මොහොතක රජයේ කැබිනට් අමාත්‍යවරයකු මෙලෙස ගරුතර මහා සංඝරත්නයට අපහාස වන ආකාරයට කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛත්වය පවා උල්ලංඝනය කිරීමක්. බුදුදහමට සුවිශේෂ තැනක් සේම සෙසු ආගම්වලට නිසි තැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මොහොතක  රජයේ පාලකයන්, මැතිඇමතිවරුන් තමතමන් ගේ හැසිරිම් පාලනය කරගත යුතු යි. මතභේදාත්මක අදහස් ප්‍රකාශ කිරීම නිසා මෙවැනි අපහාසාත්මක කතාවක් රජයේ කැබිනට් ඇමතිවරයක් සිදු කිරීම ගැන වහාම සමාව ඉල්ලා සිටිය යුතු යි.

චීවරයට කළ දරුණු නිග්‍රහයක්

එසේම කුඩා කල සිටම දහම් අධ්‍යාපනට හුරු පුරුදු වී සිටින නිසා සෑම විටම සමාජයේ මුරදේවතාවුන් ලෙස ගරුතර මහා සංඝරත්නයට සහ ආගමික නායකයන්ට ගරු කිරීම අවශ්‍ය යි. එය දෙමාපියන් ගෙන් මෙන් ම ආගමික ස්ථානවලින් ලැබූ ආභාෂයක්. මේ අපහාසය මහා සංඝරත්නය මෙන්ම පුරවැසියන් ද පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. මෙය රජයේ කැබිනට් අමාත්‍යවරයකු විසින් මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේට, සම්බුද්ධ ශාසනයට සහ චීවරයට සිදු කළ දරුණු නිග්‍රහයක් සහ අපහාසයක්.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න