සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් මනිපායි මරුතඩි විනායහර් කෝවිලේ දී ඊයේ (15) සංවිධානය කර තිබූ තෛපොංගල් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී විය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සුවිශේෂී ගමනාන්තයක් ලෙස මේ වන විට යාපනය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ගෙන ඇත.
මෙම තෛපොංගල් උත්සවය දෙමළ සංස්කෘතිකාංග රැසකින් ද වර්ණවත් විය.
මෙහිදී අදහස් දැක් වූ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සඳහන් කළේ ‘තෛ මාසය උදාවීමත් සමග නව මාවතක් විවර වේ' යැයි කියමනක් තිබෙන බවයි. රට නව මාවතක ගමන් කිරීම වැළැක්වීමට ඇතැම් දේශපාලඥයින් ගත් උත්සාහය අසාර්ථක වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා රට ගොඩනැගීම සඳහා සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජනතාව එකට එක් විය යුතු බව ද සඳහන් කළේ ය.
ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහු ද, යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


