ප්‍රවීණ වාද්‍ය ශිල්පියකු මෙන් ම ගායන ශිල්පියකු වන රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වී ඇත.
කලක් රෝගාතුරව සිටි හෙතෙම මිය යන විට 65වන වියේ පසු විය.
1964 අප්‍රියෙල් 14වන දින කෑගල්ලේ දී උපත ලද රාජු බණ්ඩාර අති දක්ෂ ගිටාර් වාදකයෙකි. මෙරට කණ්ඩායම් සංගීතය තුළ සිය අනන්‍ය ලකුණ සනිටුහන් කළ රාජු: මදාරා සහ ෆෝචූන් යනාදි සංගීත කණ්ඩායම්වල නිත්‍ය සාමාජිකයකු ලෙස කටයුතු කළේ ය.
ප්‍රවීණ ගායන ශිල්පිණී චන්ද්‍රානි බණ්ඩාර ගේ කනිටු පුත් වන රාජු බණ්ඩාර සිය මව ගායනා කළ හද ගී පොතේ නමැති ගීතය පසුකාලිනව ඇය සමග ගායනා කළේ ය.
ප්‍රවීණ ගිටාර් වාදන ශිල්පියකු මෙන් ම සංගීතඥයකු වන මහින්ද බණ්ඩාර රාජු ගේ සහෝදරයා ය.
රාජු බණ්ඩාර ගායනා කළ: 'මා ආදරෙයි මුළු ලොවටත් වඩා', 'රන් සිනු නාද දී', 'හද වේදනා මෙසේ' සහ කවුදෝ මාගේ ලොවේ සැරිසැරුවේ' යනාදි ගීත අතිශය ජනාදරයට පත් විය.
රාජු බණ්ඩාර ගේ දේහය මේ වන විට බොරැල්ල ඇල්විටිගල මාවතෙහි පිහිටි ජයරත්න මල්ශාලාවෙහි තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට (17) සවස බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.
වාද්‍ය සහ ගායන ශිල්පී රාජු බණ්ඩාර දශක ගණනාවක් පුරා ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ තැබූ සලකුණු මෙරට ජන හදවත් තුළින් කිසිදා මැකී නොයනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
