තරුණ නියෝජිතයින්ට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දොර ඇරේ

තරුණ නියෝජිතයින්ට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දොර ඇරේ

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණයින්ට අවස්ථාව ලබා දීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇත.

ඒ අනුව අද (16) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයින් ලෙස: ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ, තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක, හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, රත්මලාන ආසන සංවිධායක වෛද්‍ය චමල් සංජීව සහ විදුලි පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අඛණ්ඩව හඬ නගන සංජීව ධම්මික යන අය පත්කර ඇත.

ඔවුන් පසුගිය සමයේ අඛණ්ඩව මාලිමා ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙමින් සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ සඳහා විශාල දායකත්වයක් ලබා දුන් අතර, පක්ෂය ප්‍රවර්ධනය කිරීමටත්, ජාතික දේශපාලනය තුළ සමාජ මතවාද ගොඩනැගීමටත් සුවිශේෂී දායකත්වයක් ලබාදෙන අයුරු දැකගැනීමට ද හැකි විය

 

sajith4

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න