නව අධ්‍යාපන ප්‍රතිසංසංකරණය තවත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවත්, කිසිදු ලෙසකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළන්න කටයුතු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පැවසුවා ය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ දිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අද (16) හලාවත ශ්‍රි විජයාරාමයේ විහාරාධිපති, වයඹ පළාත් උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය සුමනසිරි ස්වාමීන් වහන්සේ බැහැදැක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පැහැදිළි කළ අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය...
හලාවත සංවර්ධන කටයුතු පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න
''නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ ජනතාවගේ ප්‍රසාදය තව තවත් පළවෙමින් තිබෙනවා. අපි කිසිම ලෙසකින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්න කටයුතු කරන්නේ නැහැ. තවත් ශක්තිමත්ව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු කරනවා. හලාවත සංවර්ධන කටයුතු පිළිබඳ යෝජනා අපිට ඉදිරිපත් කරන්න; දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරනවා.''
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ වයඹ පළාත් උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය සුමනසිරි ස්වාමීන් වහන්සේ...
වැදගත් ප්‍රතිසංස්කරණයක් නතර කරන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා
''නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කාලීන අවශ්‍යතාවක්, විවිධ දේශපාලන ක්‍රියාකාරීන් ජනතාව මුළාවට පත්කරමින් ඉතාම වැදගත් ප්‍රතිසංස්කරණයක් නතර කරන්න උත්සාහ කරනවා. මේ නිසා ආසාධරණයක් වෙන්නේ තමන් ගේ ම දරුවන්ට කියලා ඒ ජනතාවට අවබෝධයක් නැහැ. ජල ගැලීම් නිසා හලාවත විශාල හානියක් සිදු වුණා. හලාවත රෝහලේ ඖෂධාගාරයටත් විශාල ලෙස හානි සිදු වුණා. එය නැවත ගංවතුරට හසු නොවන ලෙස යථාතත්වයට පත්කර ගැනීමට අවශ්‍යයි. ඒ වගේම හලාවත නගරය ගංවතුරෙන් ආපදාවට පත්නොවන ලෙස සංවර්ධනය කිරීමටත් අවශ්‍යයි. සංචාරක ආකර්ෂණයක් තිබෙන හලාවත වෙරළ උද්‍යානය ඉදිකිරීමට කටයුතු කිරීම පිළිබඳව ද සතුටු වනවා.''
මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ප්‍රාදේශිය නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
සටහන - ජයසිරි අලවත්ත

