ෂේන් අමරසිංහ, ඕස්ට්‍රේලියාවේ   QUEENSLAND  STATE  CHAMPIONSHIP තුන් ප්‍රයාම තරගයේ රන් පදක්කම දිනාගනී

ෂේන් අමරසිංහ, ඕස්ට්‍රේලියාවේ   QUEENSLAND  STATE  CHAMPIONSHIP තුන් ප්‍රයාම තරගයේ රන් පදක්කම දිනාගනී

පසුගියදා ඕස්ට්‍රේලියාවේ Queensland නගරයේ දී පැවති Queensland  State Championship තුන් ප්‍රයාම තරගාවලියේ Sprint Distance ඉසව්වේ වයස අවුරුදු 25 - 29 කාණ්ඩයේ පළමු වන ස්ථානය දිනාගැනීමට ෂේන් අමරසිංහ සමත් විය.

එම ඉසව්ව සඳහා හාරසීයකට අධික ක්‍රීඩකයින් සහභාගී වූහ. සමස්ත තරගාවලිය සඳහා අටසීයකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ. එම  තුන් ප්‍රයාම ඉසව්වේ මීටර් 750km පිහිනුම් අංශය විනාඩි 14කින්, කිලෝමීටර් 24km පාපැදි ධාවන අංශය විනාඩි 36කින්  සහ කිලෝමීටර් 5km ධාවන ඉසව්ව විනාඩි 21කින්, එහි සමස්ත කාලය පැය 01 විනාඩි 15කින්  තරගය නිමා කරමින් එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

වාර්ෂිකව මෙම තරගාවලියසංවිධානය කරනු ලබන්නේ  ඕස්ට්‍රේලියාවේ Queensland Triathlon  සංගමය මගිනි.

 

සමීර මදුසංක හේවා ගමගේ 

 

WhatsApp Image 2026 01 17 at 03.18.44

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න