ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී ඊයේ (16) පැවැත්විණි.
ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිද,ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නියෝජිතයෝ ඇතුළු දූත පිරිස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර සහ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අංජුල මහික වීරරත්න

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
