ගැටලු විසඳන්න එන ICC නියෝජිතයෙක්ට බංග්ලාදේශයෙන් වීසා නෑ

ගැටලු විසඳන්න එන ICC නියෝජිතයෙක්ට බංග්ලාදේශයෙන් වීසා නෑ

ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයට පැමිණෙන ICC නියෝජිතයෙකුට වීසා ලබා නොදීමට බංග්ලාදේශය තීරණය කර තිබේ.

ඊට හේතු ලෙස ඔවුන් පවසා ඇත්තේ, අදාළ නියෝජිතයා ඉන්දීය ජාතිකයෙකු බවය.

කෙසේ නමුත් ICC දූෂණ විරෝධී සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ඇන්ඩෲ එෆ්. ග්‍රේඩ් අද (17) ඩකා නුවරට පැමිණීමට නියමිත බව බංග්ලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල් පවසා ඇත.

ඉන්දියාව හා බංග්ලාදේශ අතර ගොඩනැගෙමින් තිබෙන දේශපාලන එදිරිවාරිකම් හේතුවෙන් ආරක්ෂක හේතූන් මත ඉන්දියාවේ ක්‍රීඩාකරන තරග ශ්‍රී ලංකාවට ලබාදෙන්නැයි බංග්ලාදේශය බලධාරීන් ICCයෙන් දිගින් දිගටම ඉල්ලා සිටී.

කෙසේ නමුත් ICCය අවධාරණය කර ඇත්තේ, තරගාවලියේ කාලසටහන මේ වනවිට සකස්කර ඇති බවත්, ඒ හේතුවෙන් සිය ස්ථාවරය වෙනස්කළ නොහැකි බවත්ය.

 

(Adaderana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න