1 සහ 6 වසර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විරුද්ධ නොවු බවත්, විරුද්ධ වුයේ අධ්‍යාපනයට අසභ්‍යකරණය ඇතුළුත් කිරීම නිසා බවත් විපක්ෂය සෑම විටම ඉල්ලා සිටින්නේ අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක් මිස අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ 'හුස්ම' වැඩසටහන යටතේ අද කිතුල්ගල මූලික රෝහලට රු. ලක්ෂ 33ක් වටිනා CTG Machine 1ක්, Baby Warmer 1ක් හා Patient Monitor 2ක් ලබා දීමේ අවස්ථාව සඳහා එක්වෙමිනි.
විහිලුකාර ජවනිකා ගණනාවක් රජයෙන් සිදුවන බවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ විධිමත් සාකච්ඡාවකින් තොරව අවිධිමත්ව බවත් නිසි සාකච්ඡාවකින් තොරව එය සිදුවන බවත් Green paper, White paper වෙනුවට power point presentation එකක් පමණක් ඇති බවත් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ විය යුතු කියා විපක්ෂය සක්වළ වැඩසටහන ක්‍රියාත්මක කරන විට වත්මන් රජය සිනා සුනු බවත් ඉංග්‍රීසි භාෂා චීන ජපන් හින්දි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන කියද්දි ආණ්ඩුවේ මැති ඇමතිවරු පහර පිට පහර ගැසු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂය කිසිදා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නැති බවත් විරුද්ධ අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීමට බවත් මේ විෂය නිර්දේශ සකස් කරන්න විශාල වැඩකොටසක් ඇති මුත් ඒ කිසිවක් අද නොවි ඇති බවත් ඒ නිසා අඩුපාඩු රැසක් ඇති බවත් හරියට අඩුපාඩු හැදුවා නම් මේ අසභ්‍ය දේවල් අන්තර්ගත නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
තමා රෝහල්වලට උපකරණ ලබා දෙන්නෙ ගිලන් ජනතාව සුවපත් කර ඔවුන්ගේ මුහුණට සිනවහක් දිමට බවත් මෙතෙක් කලක් රටට වැඩක් කළේ ආණ්ඩු බලය ඇතිව වුවත් පළමු වතාවට තමා විපක්ෂයේ සිට රටට අගයක් එකතු කරන බවත් මේ සියල්ල කරන්නේ ජනතාවගේ ආයු කාලය වර්ධනය කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වීඩියෝ

