මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පැවැති කාලයේ මාගම්පුර වරායේ සිදු කළ තෙල් ගනුදෙනුවක් හේතුවෙන් රු. කෝටි 970ක (බිලියන 9.7ක) දැවැන්ත ණය මුදලක් ගෙවීමට රජයට සිදුව තිබේ.
මාගම්පුර වරාය ඉදිකිරීම් සමයේ සහ එහි තෙල් මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අවධියේ සිදු වූ අක්රමිකතාවක් හේතුවෙන් මේ වන විට රු. බිලියන 9.7ක වන්දි මුදලක් ගෙවීමට සිදුව ඇති බව කෝප් (COPE) කමිටුවේදී අනාවරණය වී ඇත.
මේ ගැටලුව උද්ගතව ඇත්තේ එවකට මාගම්පුර වරායේ තෙල් මෙහෙයුම් සඳහා HNB බැංකුවෙන් ගත් ණය මුදලක් මුල් කරගනිමිනි. ඒ අවස්ථාවේදී නැව් සඳහා සැපයීමට බාල මට්ටමේ තෙල් තොගයක් ඇණවුම් කර ඇති අතර, ඒවායේ ප්රමිතිය දුර්වල වීම හේතුවෙන් නැව් සඳහා එම තෙල් දීමට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් එම තෙල් තොග ටැංකි තුළම තිබී අපතේ ගොස් ඇති බව වාර්තා විය.
මේ ගනුදෙනුව සඳහා ලබාගෙන තිබූ මුළු ණය මුදල සහ කාලයත් සමඟ ඊට එකතු වූ පොලිය රු. බිලියන 9.7කි. ඒ අනුව මේ වන විට බැංකුව වෙත ගෙවීමට ඇති මුළු මුදල රු. බිලියන 9.7ක් බවත්, බැංකුව සමඟ සාකච්ඡා කර මෙම පොලී මුදල යම් ප්රමාණයකට හෝ අඩු කරගැනීමට උත්සාහ කරන බවත් සඳහන් වේ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වන විට සාර්ථක මෙහෙයුම් ලාභ ලබමින් සිටියද, අතීතයේ සිදු වූ මෙවැනි වැරදිවල ප්රතිඵල විඳීමට සිදු වීම රටට සහ ජනතාවට සිදු වූ විශාල පාඩුවක් බව මූලාශ්රවල අවධාරණය කෙරේ.
( silumina - රසික කොටුදුරගේ)

