මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ චූදිතයකු වන යුද හමුදා බුද්ධි නිලධාරියකුට උසස් වීමක් දීම පිළිබඳ විරෝධය පළ කරමින් ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇත.
ලුතිනන් කර්නල් එරන්ත රදීෂ් පීරිස් නම් නිලධාරියා මෙසේ කර්නල් තනතුරට උසස් කර ඇති බව එම ලිපියේ දැක්වේ.
2010.01.24 දා තම ස්වාමිපුරුෂයා අතුරුදන් වීම සම්බන්ධයෙන් පවතින අපරාධ නඩුවේ මොහු විත්තිකරුවකු බව ඇය එම ලිපියේ දීර්ඝව සඳහන් කර තිබේ.
සන්ධ්‍යා එක්නැලිගොඩගේ ලිපියට අනුව නීතිපතිවරයා විසින් 2019දී ඔහුට එරෙහිව අධිචෝදනා 17ක් ගොනු කර ඇති අතර, ඊට මිනීමැරුම් චෝදනාවක්ද ඇතුළත්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මීට අදාළ කරුණු රැසක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවද එහි දැක්වේ.
එක්නැලිගොඩ නඩුවේ චුදිතයකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පවතින නඩුවක් පිළිබඳවද ඒ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.
(ශාලික විමලසේන)


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
