හිටපු කතා නායකගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට

හිටපු කතා නායකගේ බිරිඳ රිය අනතුරකින් රෝහලට

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවලගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල පැදවූ මෝටර් රථයේ අද (17) අලුයම 06.05ට පමණ තවත් මෝටර් රථයක් ගැටීමෙන් ඒ මහත්මිය තුවාල ලබා රෝහල් ගත කළ බව බියගම පොලිසිය සඳහන් කරයි.

එම මෝටර් රථයේ රියැදුරු වන සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය බියගම මාර්ගයේ අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට දී එම රිය අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලද මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් පදවන ලද මෝටර් රථය බණ්ඩාරවත්ත දෙස සිට මාර්ගයේ දකුණුපස අයිනේ නවතා නිවසට හැරවීම සඳහා තිබියදී කැලණිය දෙස සිට බණ්ඩාරවත්ත දෙසට ගමන් කළ ප්‍රෝටෝන් වර්ගයේ කාර් රථය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම අනතුර සම්බන්ධයෙන් බියගම කොළඹ පාර ලිපිනයේ පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වලගේ නිවසේ රාත්‍රී ආරක්ෂක රාජකාරී යෙදී සිටි කොස්තාපල් වරයකු විසින් කරන ලද දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.

අනතුර සම්බන්ධයෙන් අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු වන කළුතර උතුර ජාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.

සැකකරු මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න