ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර තඹුත්තේගම නගරයේ සංවිධානය කර තිබූ ජන රැළියක ප්‍රචාරක කටයුතුවලට පොලිසියෙන් බාධා එල්ල වී ඇති බව එම පක්ෂයේ සංවිධායකවරු චෝදනා කරති.
සංවිධායකවරුන් පවසන පරිදි, ඊයේ රාත්‍රියේ රැළියට අදාළ ප්‍රචාරක කටයුතු සහ සැරසිලි සිදු කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් ඒවා වහාම නතර කරන ලෙස දැනුම් දී ඇත.
එහිදී අදාළ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම සැරසිලි වහාම ගලවා ඉවත් කරන ලෙසත්, එසේ නොමැති වුවහොත් පොලිසිය මැදිහත් වී ඒවා ගලවා ඉවත් කරන බවත්ය.
රජයේ බලපෑම මත පොලිසිය මෙලෙස තමන්ට බාධා පමුණුවන බව සංවිධායකවරු වැඩිදුරටත් කියා සිටිති.
කෙසේවුවද එම රැස්වීම අමතමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.
වීඩියෝ -1
වීඩියෝ -2
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
