පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ඒ අනුව මෙම යානයේ සුන්බුන් ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලුසරවුන් කන්දේ තිබී එම බලධාරීන් විසින් සොයාගෙන ඇත.
ඉන්දුනීසියාවේ මැකස්සාර් නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදන්ව තිබුණි.
යානයේ සුන්බුන් හමුවූ නමුත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
මෙම යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් බවට තොරතුරු අනාවරණය විය.
ATR 42-500 වර්ගයේ ගුවන් යානාවක් වූ මෙම යානය ඊයේ (17) දිනයේදී අතුරුදන් වූ අතර අතුරුදන් වන අවස්ථාවේ එම යානයේ පුද්ගලයින් 11 දෙනෙකු සිට තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
