ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයේ වඩාත්ම ගෞරවනීය ගායකයෙකු වන මිල්ටන් මල්ලවාරච්චි ගේ වර්ණවත් ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය වන නව චිත්‍රපටය ''එදා රෑ'' නිෂ්පාදනය ආරම්භ කිරීමේ මුහුරත් උළෙල මෙම 20 වෙනිදා උදෑසන 9.15ට නවලෝක උත්සව ශාලාවේදී සිදු කෙරේ.
මිල්ටන් මල්ලවාරච්චි ඇල්බම 35 කට අධික සංඛ්‍යාවක් සඳහා ගීත 850 කට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇත. රිදී තිරය සඳහා චිත්‍රපට පසුබිම් ගායකයෙකු ද වන හෙතෙම දක්ෂ තබ්ලා සහ සිතාර් වාදකයෙකි.
ඔහුගේ පුත් රනිල් මල්ලවාරච්චි, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු [සභාපති] සහ චාමක මංජුල [අධ්‍යක්ෂ] වෙනුවෙන් ONE LINE PRODUCTION & ENTERTAINMENT LIMITED ආයතන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරයි.
ජේ.මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
