සාගරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීමේ 'BBNJ' ගිවිසුම බලාත්මක කෙරේ

සාගරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීමේ 'BBNJ' ගිවිසුම බලාත්මක කෙරේ

සාගරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීම සඳහා කලක සිට සාකච්ඡා මට්ටමින් තිබූ 'BBNJ'(Biodiversity Beyond National Jurisdictions) ගිවිසුම බලාත්මක කර තිබේ.

වසර 20කට ආසන්න කාලයක් පුරා පැවති සාකච්ඡාවලින් පසු මෙය ක්‍රියාවට නංවා තිබීම සුවිශේෂීය.

ඉකුත් සැප්තැම්බර් මාසයේදී රටවල් 60ක් මෙම ගිවිසුමේ අන්තර්ගත නිර්ණායක අනුමත කර තිබූ අතර, එතැන් සිට දින 120කට පසුව මෙය බලාත්මකවීම සුවිශේෂීය.

දෙසැම්බර් වනවිට මේ සඳහා චීනය සහ ජපානය වැනි ප්‍රධාන සමුද්‍රීය බලවතුන් එක්වීමත් සමග අදාළ ගිවිසුම අනුමත කළ රටවල් ගණන ජනවාරි වනවිට 83ක් දක්වා ඉහළ ගියේය.

දේශගුණික විපර්යාස හේතුවෙන් උග්‍රවන විනාශකාරී ධීවර පිළිවෙත්, නැව්ගත කිරීම, ප්ලාස්ටික් දූෂණය, අධික ලෙස මසුන් ඇල්ලීම සහ ගැඹුරු මුහුදේ කැණීම් වැනි කටයුතු පාලනය කිරීම සඳහා මෙම ගිවිසුම බලාත්මක කර ඇත.

වර්තමානය වනවිට ජාත්‍යන්තර මුහුදු සීමාවේ මෙම කටයුතු පාලනය කර ඇත්තේ 1%ක් පමණක් බව සඳහන්. ඒ අනුව මෙම ගිවිසුම බලාත්මක වීම සාගර සංරක්ෂණය සඳහා ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරනු ඇත.

රටකට හිමි මුහුදු සීමාවෙන් ඔබ්බට ජෛව විවිධත්වය පිළිබඳ කරුණු රැසක් මෙම ගිවිසුම යටතේ ආවරණය වේ.

ඒ අනුව ලොව සාගරවලින් තුනෙන් දෙකක් පමණ මෙම ගිවිසුම යටතේ පාලනය කරනු ඇත.

| aruna

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න