ආණ්ඩුව කියන කියන වේලාවට විශ්වාසභංග ගෙන ඒමට විපක්ෂය සුදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මේ අදහස් පළ කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී ය.
''විශ්වාසභංගයක් ගෙන ආ යුතු, ඉදිරිපත් කළ යුතු, ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. විශ්වාසභංගය ගෙන ආ යුතු: කාලය, ස්ථානය, වේලාව තීන්දු කරන්නේ විපක්ෂය මිස ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුව කියන කියන වේලාවට විශ්වාසභංග ගෙන එන්න අපි සුදානම් නෑ. විශ්වාසභංග යෝජනාව: නිසි ලෙස, නිසි කලට, නියමිත අත්සන් සමග ඉදිරිපත් කරන්නම්. පුළුවන් නම් දින තුනක අධ්‍යාපන විවාදය හෙට ම ආරම්භ කරන ලෙස නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රමුඛ රජයට අභියෝගය කරනවා. ඒ වගේ ම දිට්වා සුළි කුණාටුව ගැන, රජයේ අකාර්යක්ෂමතාව ගැන විවාදයට සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන විවාදයටත් විපක්ෂය සුදානම්.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
