අද පැවැත්වෙන නීතිපතිවරයාට එරෙහි උද්ඝෝෂණය මේ රටේ ස්වාධීන යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය මාලිමාකරණයට ලක් කිරීමේ එක පියවරක් ලෙස දකින බවත්, තම කණ්ඩායම ඒම උද්ඝෝෂණය හෙලා දකිනවා සේ ම ස්වාධීන යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බව ද පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ මහජන හඬ ජාතික බළමුළුව අද (21) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල...
නීතිපතිවරයා යනු කවුද...?
''අද දිනයේ මාලිමා ආණ්ඩුවේ හෙංචයියන් පිරිසක් රටේ නීතිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වනවා ය, එතුමා ගේ තීන්දු විවේචනාත්මකව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනවාය කියලා මාධ්‍යවල ප්‍රවෘත්තියක් මැවිලා තිබුණා. කවුද මේ නීතිපතිවරයා කියන්නේ? නීතිපතිවරයා ඉටු කරන්නේ උද්ඝෝෂණවලට ලක්වෙන විධායකයේ කාර්යභාරයක් නෙවෙයි. නීතිපතිවරයා ර්අධ අධිකරණමය කාර්යභාරයක් ඉටු කරන කෙනෙක්. රටේ යුක්තිය පසඳලීමේ පද්ධතිය තුළ නීතිපතිවරයා දෙවැනි වන්නේ අගවිනිසුරුතුමාට පමණයි. ජ්‍යෙෂ්ඨත්වය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පවා ඉන්නේ නීතිපතිතුමාට පහළින්. එවන් තනතුරක් කෙතරම් බලයක් තියෙනවද කියනවා නම්, මහේස්ත්‍රාත්වරයෙක් ලඝු නඩු විභාගයකින් නඩු පැවරීමක් නොකළ යුතුයි කියලා තීරණය කරද්දී ඒ තීරණය නොසලකා මහාධිකරණයේ නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට තිබෙනවා. ඒ වගේම යම් පුද්ගලයෙකුට චෝදනා ගොනු කරනවාද නැද්ද, චෝදනා ගොනු කරනවා නම් කුමන චෝදනා ද කියන තීන්දුව ගන්නේ නීතිපතිවරයා. නීතිපතිවරයා ඒ තීන්දු ගන්නේ නීතිය අනුසාරයෙන්, නීතියෙන් කියලා තියෙන විදිහට. එවැනි පසුබිමක නීතිපතිවරයාගේ තීන්දුවලට බලපෑම් කරනවා කියන්නේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට බලපෑම් කරනවා කියන එකයි.
යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය මාලිමාකරණයට
මේ රටේ නීතිපතිවරයාටත් වරදින්න පුළුවන්. ඒ බව නීතියේ පිළිගන්න නිසා තමයි නීතිපතිතුමා ගන්න තීන්දු වැරදියි කියලා කාට හරි හිතෙනවා නම් ඒක අභියාචනාධිකරණයේ දී රිට් ආඥාවක් ලබා ගැනීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමෙන් නිවැරදි කර ගැනීමේ අවස්ථාව ආණ්ඩුවටත් ජනතාවටත් ලබා දීලා තියෙන්නේ. හැබැයි මේ ආණ්ඩුව හිතනවා නම් නීතිපති ධුරයේ ස්වාධීනත්වය විනාශ කරලා තමන්ට කැමති තීන්දුව නීතිපතිවරයා ගේ නීතිය අනුව ගන්න බැහැ කියලා නීතිපතිවරයා කියනකොට, ඒ තනතුරට මෙතෙක් සෑම රාජ්‍ය නායකයෙක් ම ගරු කළා. නීතිපතිවරයාව තමන්ගේ අණසකට යටත් කළ යුතුයි කියලා මේ රටේ හිටපු කිසිම පාලකයෙක් සැලකුවේ නැහැ. ඒකාධිපතියන් විදිහට හංවඩු ගහපු පාලකයෙක්වත් නීතිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ ලෑස්ති කළේ නැහැ. නීතිපතිවරයා ගෙදර යා යුතුයි කියන නිගමනයට පැමිණියේ නැහැ. ඒ නිසා මේ රටේ ස්වාධීන යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය මාලිමාකරණයට ලක් කිරීමේ එක පියවරක් විදිහටයි අද පැවැත්වෙනවාය කියන මේ උද්ඝෝෂණය දකින්නේ. අපි ඒ උද්ඝෝෂණය හෙලා දකිනවා වගේම ස්වාධීන යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් අපි පෙනී ඉන්නවාය කියන එක සඳහන් කරන්න ඕනේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ වැඩක්
මහානායක ස්වාමීන් වහන්සේලාව බැහැදකින්න අපි ගිය අවස්ථාවේ උන්වහන්සේලා අපෙන් ඉල්ලීමක් කළා ජාතික වශයෙන් වැදගත් කාරණාවල දී පක්ෂ සියල්ල එකතු වෙලා සාමූහිකව හඬක් නැගීමේ වටිනාකම පිළිබඳව. ඒ පිළිබඳව පියවර ගැනීමේ දී විපක්ෂයේ පක්ෂ විතරක් නෙවෙයි විපක්ෂයයි ආණ්ඩුවයි එකට එකතු වෙලා කළ යුතු වැඩක් සමාජය හමුවේ තියෙනවා. ඒ තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය නැහැ කියලා විපක්ෂයේ කවුරුවත් කියන්නේ නැහැ. ඒක අවශ්‍ය නිසා තමයි මේ පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කළේ අපේ ආණ්ඩු කාලවල දී. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණ අපේ වැඩක්. හැබැයි ඒක කරගෙන යන විදිහෙන් ආණ්ඩුව සමාජයට පෙන්නුම් කළා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ දැවැන්ත වැඩක් කරන්න අවශ්‍ය දැක්ම, දැනුම සහ අත්දැකීම මේ ආණ්ඩුවට නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපන ක්‍රියාවලිය කියන එක ආණ්ඩුව මාරු වෙද්දී වෙනස් කරන්න බැහැ. අර ලංගම බස් එකේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙද්දී කොළ පාට තීරුවක් ගානවා, ශ්‍රී ලංකා ආණ්ඩුව ආවම නිල් පාට තීරුවක් ගානවා, අන්න ඒ වගේ විෂය නිර්දේශ වෙනස් කරන්න බැහැ. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම බහුපාර්ශ්වීය ප්‍රවේශයක් විය යුතුයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන විදිය අපෙන් ඉගෙන ගන්න
අපි සූදානම් අපි අධ්‍යාපනයෙන් නිසි ඵල නෙළා ගත්ත පුද්ගලයන් විදිහට, අද අපි මෙතන ඉන්නේ අපිට ලැබුණු අධ්‍යාපනය නිසා. ඉතින් අපි සූදානම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි ලබාගෙන තියෙන දැනුම ආණ්ඩුවට අවශ්‍ය ඕනෑම ආකාරයකින් ආණ්ඩුවට සහාය වෙන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න, දරුවන්ට අසාධාරණයක් නොවන්න නම් ආණ්ඩුව උද්ධච්චකම පැත්තකින් තියලා අත්දැකීම තියෙන විපක්ෂය සමග සහයෝගයෙන් කළ යුතුයි. මොකද මීට කලින් මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අති සාර්ථකව කරපු නිසා තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ සමස්ත ලෝකය පුරා ම හොඳ ගෞරවයක් තිබෙන්නේ. අපි විදේශීය විශ්වවිද්‍යාලවල උගන්වද්දී මමත් ඒක කරලා තියෙනවා, මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාත් කරලා තියෙනවා, ඒ විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික උගතුන්ට සුවිශේෂී ගෞරවයක් තිබෙනවා. ශ්‍රී ලාංකික ශිෂ්‍යයා තරගකාරීව ඉදිරියෙන් ඉන්නවා. ඒ මේ පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි ලෙස කලින් ආණ්ඩු කිරීමේ ප්‍රතිඵලයක්. එතකොට ඒ අපි ලබාගත් ඒ වාසිය අපේ දරුවන්ට අහිමි කරන්න බැරි නිසයි අපි ආණ්ඩුවට කියන්නේ අපි එන්නම් ඔබට උදව් කරන්න, උද්ධච්චකම පැත්තකින් තියලා විපක්ෂයෙන් මාර්ගෝපදේශ අරගෙන හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරන විදිහ ඉගෙන ගන්න, අපි සාමූහිකව ඒ වැඩේ කරන්න ලෑස්තියි කියන පණිවිඩය අපි ආණ්ඩුවට ලබා දෙනවා.
අපේ සංස්කෘතියට, අපේ සභ්‍යත්වයට එරෙහි දැවැන්ත කුමන්ත්‍රණකරුවා ජනාධිපති...?
අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශයට පත් කළා බුදු සසුනට, අපේ සංස්කෘතියට, අපේ සභ්‍යත්වයට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා කියලා. හැබැයි මහානායක ස්වාමීන් වහන්සේ ඒ කුමන්ත්‍රණය කරන්නේ කවුදයි, කුමන්ත්‍රණකරුවන් කවුදයි නම් කිරීමක් කළේ නැහැ. ඒ නිසාම අපි කැමතියි ඒ මහා කුමන්ත්‍රණයේ අංක එකේ කුමන්ත්‍රණකරුවා වෙන කවුරුවත් නෙවෙයි ජනාධිපති අනුර දිසානායක මැතිතුමා. අපේ රටේ වැදගත්ම ලක්ෂණයක් තමයි ආගමික සහජීවනය. අපි මොන ආගම ඇදහුවත් අන්‍යෝන්‍ය වශයෙන් ආගමික නායකයන් එකිනෙකාට ගරු කරමින් සමගියෙන් ගියේ. විවිධ කුමන්ත්‍රණකාරී අයුරින් මේ ආගමික සමගිය විනාශ කරන්න කුමන්ත්‍රණ කළත් ඒවා කෙටි කාලීනයි, කේන්ති එනවා, පිපිරෙනවා, කෙටි කාලීනව ඒක ඉවර වෙනවා. කවදාකවත් ආණ්ඩුවක් ආගමික සමගිය විනාශ කරන්න කටයුතු කළේ නැහැ. හැබැයි රටේ ජනාධිපතිතුමා යාපනයට ගිහිල්ල උතුරට බෞද්ධයන් එන්නේ වෛරය වපුරන්නයි කිව්වම, ඒක කියන්නේ කොහෙද යාපනයේ දී, ඔය යාපනය ම තමයි තිස්ස විහාරයට දකුණේ බෞද්ධයන් පැමිණීමට එරෙහිව දැන් වසර තුනක් පුරාවට සෑම පෝය දවසක ම උද්ඝෝෂණයක් තියෙන්නේ. දැනටමත් වෛරයක් ඇතිවෙලා ඉන්න අයට කියනවා තවදුරටත් වෛරය වැඩිවෙන ප්‍රකාශයක්, ඇවිළෙන ගින්නට පිදුරු දානවා. ඊළඟ පෝය දවසේ දී මේ ප්‍රකාශයෙන් දිරිමත් වුණු ඒ උද්ඝෝෂකයින් දකුණෙන් උතුරට එන බෞද්ධයන්ට පහරදීමක් වුණත් සිදුවීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා මේ උද්ඝෝෂකයන්ට කිව්වේ ආයෙ උතුරට ආවොත් ගහපල්ලා කියන ප්‍රකාශය ද කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා.
ශ්‍රී ලංකා පොලීසිය මාලිමා පොලීසිය බවට පත්වෙලා
එතන විතරක් නෙවෙයි අවදානම තියෙන්නේ. අපේ කතෝලික බැතිමතුන් මඩු පල්ලියට යනවා, හින්දු බැතිමතුන් කතරගමට එනවා, මේ කවුරුවත් ඒක හොඳ දෙයක් විදිහට මිසක් කවදාකවත් නරක දෙයක් විදිහට මේ සමාජය දැකලා තිබ්බේ නැහැ. ඒක අධෛර්යමත් කරන එකම එක ප්‍රකාශයක් ලංකා ඉතිහාසයේ කිසිම කලක කිසිම දේශපාලකයෙක්ගේ මුවින් පිටවෙලා නැහැ. ඒ නිසා මේ ජාතික සමගිය සහ ආගමික සමගිය රැක ගැනීමේ වැඩිම වගකීම තිබෙන ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ මේ රටේ තියෙන ඒ සංස්කෘතිය විනාශ කිරීමේ යටි අරමුණින්ද කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා. ඒ වගේමයි මේ බුදු සසුන දෙස බලද්දී, වසර 70ක් පරණ රජයේ ලියාපදිංචි පන්සලක බුදු පිළිමයක් තැබීම භික්ෂූන් වහන්සේලා රක්ෂිත බන්ධනාගාර ගත වන සිදුවීමක් වෙලා තියෙනවා. අධිකරණයේ දී හෙළි වුණු තොරතුරු අනුව උන්වහන්සේලාට ඇප ලබා ගැනීමට හැකි ආකාරයෙන් චෝදනා සංශෝධනය කරන්න නීතිපතිවරයා එකඟ වෙද්දී පොලීසිය විරුද්ධ වෙනවා. එතකොට අද ශ්‍රී ලංකා පොලීසිය මාලිමා පොලීසිය බවට පත්වෙලා තිබෙන නිසා පොලීසිය භික්ෂූන් වහන්සේලාව සිරගත කරගෙන සිටීමේ උත්සාහය දරන්නේ ආණ්ඩුවේ උවමනාවටයි කියලා අපිට සාධාරණව නිගමනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපේ රටේ දීර්ඝ කාලයක් හින්දු, බෞද්ධ, ඉස්ලාම්, කතෝලික විවිධ ආගම් ඉතාම සමගියෙන් ජීවත් වෙනවා, ඒ සමගිය විනාශ කෙරෙන ප්‍රකාශ කරන්න එපා කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා."

