කොළඹ නිදහස් ජනමාධ්‍යවේදීන් ගේ වාර්ෂික සුහද ක්‍රිකට් තරගය 25වන දා

කොළඹ නිදහස් ජනමාධ්‍යවේදීන් ගේ වාර්ෂික සුහද ක්‍රිකට් තරගය 25වන දා

කොළඹ නිදහස් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිව්වෙනි වරට සංවිධානය කරන වාර්ෂික සුහද ක්‍රිකට් තරගය සහ සුහද හමුව මේ මස 25වන ඉරිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අංගම්පටිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, සෞඛ්‍යා හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියකගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නියැළෙන නිදහස් මාධ්‍යවේදීන් ගේ සාමාජිකත්වයෙන් සැදුම්ලත් නීත්‍යනුකූල සංගමයක් වන තමන් මේ සංවිධානය කරන බව සංවිධානක මණ්ඩලය කියයි. රටේ පොදු මහජනතාව ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් වසරේ දින 365 පුරා මහත් කැපවීමෙන් වෙහෙසකර ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදෙමින් සේවය කරන මාධ්‍යවේදීන් ගේ සුභසාධන වැඩසටහනක් ලෙස මෙය සංවිධානය කරයි.

පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් සංවිධාන හා විවිධ අනුග්‍රහයක ආයතනවල සම්භාවනීය ආරාධිතයන් ගේ සහභාගිත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර කණ්ඩායම් 06ක් තරගාවලිය සඳහා සහභාගී වේ.

Colombo Lions, Colombo Eagles, Colombo Riders, Colombo Royals, Colombo Stallions සහ Colombo Rangers එම කණ්ඩායම් හය යි.

ජය සංකේත ප්‍රදානය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ සහ අනුග්‍රාහක ආයතනවල නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

ජේ. මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න