විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් ගේ සංගමය ඊයේ උදෑසන 8ට ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද උදෑසන 8 සිට දින 7කට තාවකාලිකව  අත්හිටුවා ඇත.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (21) රාත්‍රියේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සමග සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවේ දී මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා විසින් සිදුකළ නීති විරෝධී සහ විෂමාචාරී ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විටත් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, සතියක කාලයක් ඇතුළත සංගමයේ ඉල්ලීම පරිදි අපක්ෂපාතී විමර්ශනයකට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට අදාළ තීරණය ගන්නා බවට එකඟතාව පළ කළේ ය. එසේම අදාළ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් ද කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමට ද එකඟතාවය පළ කළේ ය.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ රැස්වූ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ විධායක සභාව මෙම වර්ජන ක්‍රියාමාර්ගය දින 7කට තාවකාලිකව අත්හිටුවීමටත් පොරොන්දු වූ කාලය තුළ එකඟතා ඉටු නොකළහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමටත් තීරණය කළේ ය.

ඒ අනුව අද (22) උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්හි විකිරණ තාක්ෂණවේදීන් ගේ සියලු සේවා සාමාන්‍ය ආකාරයෙන් රෝගීන්ට ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

එසේම සෞඛ්‍ය සේවාව තුළ මෙලෙස අනීතික සහ විෂමාචාරී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සහ එවැනි පුද්ගලයින්ට ආරක්ෂාව සපයන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිළිබඳව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධානයෙන් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයා ගෙන් ඉල්ලා සිටී. ඊයේ දිනය තුළ රෝගී සත්කාර සේවාවල සිදුවූ බලපෑම සම්බන්ධයෙන් සියලු වගකීම් තම වගකීම පැහැර හැරි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් භාරගත යුතු බව ද මහජනතාව වෙත දන්වා සිටී.

චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා  තාක්ෂණවේදීන්ගේ සංගමය 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න