රක්ෂිත බණ්ධනාගාරව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අද (22) ත්‍රිකුණාමයේ බණ්ධණාගාරය වෙත ගියේ ය.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 5 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව ය.
ඒ, ත්‍රිකුණාමලය විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්හාස කිරීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මස 16 වන දින එහි හට ගත් නොසන්සුන්තාවයක් හේතුවෙනි.
කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළව අදාළ ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබූ අතර බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට උත්සාහ කිරීමේ දී හිමිවරුන් ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලීසියට දැඩි විරෝධයක් එල්ල වී තිබුණි.
මතු පළ වන්නේ රක්ෂිත බණ්ධනාගාරව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමසිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත දැක්වූ අදහස් ය.

