ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකතුමා විසින් සිදු කරන ලද දූෂණ ගණනාවක් අඩංගු වාර්තාවක් “පාර්ලිමේන්තුවට අදාළ රහස්‍ය තොරතුරු අවසරයකින් තොරව
මාධ්‍යයට හෙළිදරව් වීම සම්බන්ධයෙන් සහ ගරු කතානායකවරයා ගේ නිල නිවාසය පිළිබඳ රහස්‍ය තොරතුරු තෙවැනි පාර්ශවයකට හෙළිදරව් වීම සහ එම තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශනයේ වාර්තාව” යන ශීර්ෂය යටතේ පාර්ලිමේන්තුව විසින් ම සකසා තිබෙන බවට තමන් වෙත තොරතුරක් ලැබිණු බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල සඳහන් කරයි.
කතානායකවරයා විසින් මහජන මුදල් අවභාවිතා කිරීමක් සිදු කර ඇත්නම් එය පිළිබදව දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කරමින් අදාළ වාර්තා ලබා දෙන ලෙසට නියෝගයක් පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ උදය ගම්මන්පිල විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය යි.

