අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකුට එරෙහිව පැවැති නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
ඒ අනුව එම සැකකරුවන් එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටියදී සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව ගොනු කෙරෙනු නඩුවක් මත පසුගිය 05 වැනිදා මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන වත්තල අධිකරණයට ඉදිරිපත් කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය එහිදී නියෝග කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
