ප්‍රසන්න රණතුංගගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි

ප්‍රසන්න රණතුංගගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරයි

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ

 ඒ, ඔහුට එරෙහිවගොනු කර ඇති නඩුව අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගමඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය

එහි දීසැකකාර ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයේ කරුණු දක්වමින් සිය සේවා දායකයාට ආගමික කටයුත්තක් සඳහා ඉන්දියාවටයාමට අවශ්‍ය බවත් සඳහා දැනටඅධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සුලෝචනා හෙට්ටිආරච්චිඅධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එකඟතාවය පළ නොකරන බව කියා සිටියාය
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මීළඟ නඩු දිනය තෙක් ප්‍රසන්න රණතුංගට විදේශගතවීම සඳහා පනවා තිබූ තහනම මීළඟ නඩු දිනය තෙක් ඉවත් කරන බව නියෝග කළේ.ඊට අමතරව ප්‍රසන්න රණතුංගට රුපියල් ලක්ෂ 50 අමතර ශරීර ඇපයක් සහ ඔහුගේ ඇපකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කර ඇත.

මෙම පැමිණිල්ල මාර්තු මස 27 වන දා කැඳවීමටද දින නියම කෙරිණි

සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04 සේවකයින් සඳහා ලබාදුන් සෘජු වෛද්‍ය රක්ෂණයට නීත්‍යනුකූල නොවන ලෙස පෞද්ගලික තැරැව්කාර සමාගමක් පත් කර හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් 4,750,828.72 මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න