පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්න වැඩ තහනමකට ලක් කර තිබේ.

ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක වන බව වාර්තා වන අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින් මෙම තීන්දුව ගෙන ඇත.

ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇත.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත්තේ කතානායකවරයාගේ පෞද්ගලික කාරණයක් නියෝජ්‍ය මහ ලේකම් විසින් හෙළිදරව් කර ඇතැයි තිබු සැකය මත ඔහුට එරෙහිව මෙවැනි පියවරක් ගෙන ඇති බවයි.

කෙසේ වුවද සිය වැඩ තහනමට එරෙහිව නියෝජ්‍ය මහලේකම්වරයා නිතිය හමුවට යාමට තීන්දුකර ඇතැයි වාර්තාවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න