රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක සදහන් කළේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රුධිර පරීක්ෂාවක් සිදු කිරීම සඳහා මෙලෙස උන්වහන්සේ රෝහල්ගත කළ බවය.
පසුගියදා ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඇති වූ ගැටළුකාරී සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් සැකකරුවන් 06දෙනෙකු එළඹෙන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
