අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කළේ අපි නොවේ; ජනාධිපතිවරයායි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කළේ අපි නොවේ; ජනාධිපතිවරයායි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Smart board, computers නැති පාසල්වලට සක්වල වැඩසටහන හරහා ඒවා ලබා දී ඉංග්‍රීසි හින්දි චීන ජපන් භාෂා ඇතුළු තවත් භාෂා මෙන්ම STEAM education ඇතුළු පැතිකඩවලට යොමුවිය යුතු බවට මුලින්ම කිව්වේ සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ දී අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥයන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් සමග පැවැති හමුවක දී ය.

එම අවස්ථාවේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

විපක්ෂය මේවාට සම්බන්ධ නැහැ

''මේ වෙනස නැවත හරවන්න සමගි ජන බලවේගය සම්බන්ධයි කියල රජය කියන එක විශ්වාස කළ නොහැකි යි. මේවා සමගි ජන බලවේගය කියා සිටියේ යල්පැනගින කටපාඩම් ක්‍රමය වෙනස් කිරීමට සඳහා යි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න විපක්ෂය කැමති යි. මේ වැඩපිළිවෙළ අඩුපාඩුවලින් තොරව යන්න නම් Green Paper, White Paper හරහා මේ වැඩකටයුතු ක්‍රියාත්මක කරන ලෙස පැවසුවේ සමගි ජන බලවේගය යි. විපක්ෂයකට ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ නතර කරන්න බලයක් නැහැ. සමගි ජන බලවේගය කිසිදා ජනතාව පාරට බස්සවා එවැනි දෙයක් කිසිදා කරල නැහැ. ජනාධිපතිවරයා කියන ආකාරයට ගුරු පුහුණු ගැටලු, තාක්ෂණික ගැටලු ආදිය මගහරවා ගෙන 2027 මේවා කරන බව කියා තිබෙනවා. ජනාධිපතිවරයා ගත් තීන්දුවක් මිස විපක්ෂය මේවාට සම්බන්ධ නැහැ. Buddy net කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ වෙබ් අඩවිය සහිත මොඩියුලය හදන්න විපක්ෂය සම්බන්ධ වුණේ නැහැ නෙ... ස්ථාන 12ක් මගින් මේ මොඩියුලය පරීක්ෂා කරනවා. එවැනි ආකාරයට නිර්මාණය වූ මෙවැනි මොඩියුල සුදුසුද නැද්ද කියා දෙමාපියන් ම තීරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසී ය.

විපක්ෂය ආණ්ඩුවට වඩා බලවත් ද?

විපක්ෂය පෙන්වා දුන්නේ මේ වරද මිස ප්‍රතිසංස්කරණ නතර කිරීම නෙවයි. ජනාධිපතිවරයා සොයා බලන විට තව අඩුපාඩු රැසක් තිබූ නිසා මේ මොඩියුල නතර කරලා, බොරුව සමාජගත කරන සමාජ ජාලා, ෆේක් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය අඩවි හරහා විපක්ෂය මෙය නතර කළ බවට බොරුවක් සමාජ ගත කරමින් යනවා. මේ ප්‍රතිසංස්කරණ නතර කළේ විපක්ෂය යැයි රජය කියනවා නම් ජනාධිපතිවරයාටත් බහුතරයක් සහිත ආණ්ඩුවටත් වඩා විපක්ෂයට බලයක් තියෙන බවයි පෙනී යන්නේ.

කෝ ICT උගන්වන්න ග්‍රාමීය පාසල්වලට සම්පත්

එදා මැතිවරණ වේදිකාවේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පරිගණක අධ්‍යාපන ගැන කියද්දි ඒවා විශ්වාස නොකර ජනතාව වත්මන් රජයට ඡන්දය දුන්නා. ICT විෂය පවා පටන් ගන්නේ 6 වසරේ සිට යි. ලෝකයේ K to 12 ලෙස ICT විෂය ඉගැන්නුවත් අප රටේ උගන්වන්නේ 6 වසරේ සිට යි. මෙයත් වැරදි දෙයක්. එසේම ICT විෂය උගන්වන්න හරිහමන් සම්පත් ග්‍රාමීය පාසල්වල නැහැ. එවිට සම්පත් හිඟතාව මතු වී අධ්‍යාපනයේ බෙදිමක් සිදුවෙනවා.'' 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න