තමන් ගේ ආණ්ඩුව රැක ගැනීම සඳහා: රටේ සංස්කෘතිය, ආගමට දහමට, රටේ පවතින නීතියට පටහැනිව වුව ද ආණ්ඩුව කටයුතු කරන බව ලාල් කාන්තගේ කතාවෙන් වැටහෙන්නේ යැයි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී ය.
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
ගමේ ඉන්න කරාටේ මාස්ටර් කෙනකු ගෙන් ඉගෙනගන්න
''ලාල් කාන්ත කෝට් එකට ගහනවා කිව්වේ නීතියට ගහනවා කියන එක, සිවුරත් වැඩක් නෑ කිව්වා. ඒ කියන්නේ ආගමටත් ගහනවා කියලා. ඇඳුම මොකක්ද අදාළ නෑ කිව්වේ ජාතියටත් ගහනවා කියලා. ඉතින් තමන්ගේ භාෂාවෙන් තමන්ට තේරෙන ආකාරයෙන් මේ රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව උනත් තමන්ගේ ආණ්ඩුව රැක ගන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය තමයි ඔය නොකියා කියන්නේ. ජනාධිපතිතුමා ගේ හිත පොඩ්ඩක් රිදුනම සීඅයිඩී එක අනෙක් සියලු කටයුතු නවත්තලා ජනාධිපතිතුමා ගේ හිත සනසන්න කටයුතු කරන්න පොලිස්පතිවරයා කටයුතු කරනවා. ලෙනින් ගේ ප්‍රතිපත්ති හඹා යනවා කියලා ඔහු ගේ ප්‍රතිපත්ති විශ්වාස කරනවා කියලා කටයුතු කරන සමහර දේශපාලනඥයන් ගේ කියවීම ලෙනින්ට වඩා වෙනස්. මොකද ඒ අය විශ්වාස කරන්නේ මර්දනය තර්ජනය සහ බය කරලා තමන් ගේ දේශපාලන ගමන අරගෙන යන්න. ඉතින් තමන්ගේ භාෂාවෙන් තමන්ට තේරෙන ආකාරයෙන් මේ රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව උනත් තමන්ගේ ආණ්ඩුව රැක ගන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය තමයි ඔය නොකියා කියන්නේ. ඉතින් මම හිතන්නේ ලාල්කාන්ත කිවුවා බෲස්ලී වගේ පහර දෙනවා කියලා. මේ යන විදිහට නම් කොහොමත් ඔය එකසිය පනස් නවය බෲස් ලී කෙසේ වෙතත් ගමේ ඉන්න කරාටේ මාස්ටර් කෙනෙක් අරගෙන පුහුණු උනොත් හොඳයි කියලා නම් හිතනවා.
අන්දරේ රජ කරවීමේ විපාකය
ජනාධිපතිතුමා ගේ හිත පොඩ්ඩක් රිදුනම සීඅයිඩී එක අනෙක් කටයුතු නවත්තලා ජනාධිපතිතුමාගේ හිත සනසන්න පොලිස්පතිවරයා කටයුතු කරනවා. හැබැයි අපි එදා ඔහොම ක්‍රියාත්මක වුනානම් ඔය ජනාධිපතිවරයා සහ ඔය කැබිනට් එකේ භාගයක් පාර්ලිමේන්තුවේ නොසිටින්න තිබ්බා. හැබැයි ඉතින් අපි අන්දරේ කතාව අහලා තියෙනවානේ...? අන්දරේ රජ වෙච්ච කතාව. අන්දරේගෙ කතාවලට රජ්ජුරුවොත් හිනා වෙවී හිටියා. අන්තිමට අන්දරේ රජ වෙනකම් දන්නේ නෑ. ඉතින් ඒ වගේ තමයි මේ අයගේ බොරු කතාවලට ඔක්කොම හිනා වෙවී හිටියා, මේ අයගේ බොරුවලට අපි බොරු කිය කිය හිටියා අවසානයේ අන්දරේ රජවුණා වගේ දැන් කෙනෙක් රජ වෙලා ඉන්නවා. දැන් ඉතින් දරාගන්න බැරිකමක් තියෙන්නේ. එදා කියපු බොරු හා සමානව අදත් බලයට ඇවිල්ලා බොරු කියමින් ඉන්නේ. අන්දරේ රජවෙයි කියලා හිතන් නැතුව අන්දරේ ගේ කතා ටික අහලා හිනාවෙලා අත්පුඩි ගහන් හිටපු ජනතාවට අන්තිමේට අන්දරේ රජු වුණාට පස්සේ අන්දරේ ගේ පාලනය යටතේ ඉන්න සිද්ධවෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිටත් වෙලා තියෙන්නෙ.අන්දරේ වගේ කෙනෙක් රජවෙලා ඉන්නවා ඉතින් ඔහු ගේ තියෙන වෛරය කුහකත්වය ඉරිසියාව ක්‍රෝධය සහ ප්‍රතිපත්තියක් නැතිකම සහ ඇත්තටම වැඩ කරන්න බැරිකම ඔස්සේ ඡන්දෙ දීපු අයටත් ඡන්දේ නොදීපු අයටත් ඒකෙ ඵල විපාක විඳින්න සිද්ධ වෙලා තියෙනවා. අන්දරේ තනිවුණා ද නැද්ද කියන කාරණේ කෙසේ වෙතත් මේ එකසිය පනස් නම දෙනාට යන එනමං නෑ කියල නම් පේනවා.
159 දෙනා ප්‍රතිපත්ති එකසිය පනස් නමයක
ඉතින් ලෙනින් ගාවට ගියත් බෲස් ලී ගාවට ගියත් ජනාධිපතිවරයා ගාවට ගියත් මේ හැමෝම තේරුම් ගන්න ඕන අවසානයේ දී ජනතාව ඉස්සරහට එන්න ඕන. තමන් ගේ අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇති. ඒවා අපිට අදාළ නෑ. මොකද ඒවා ඇතුළෙ තියෙන ප්‍රශ්න නේ. මේවා ජනතාවට අදාළ නෑ. ජනතාවට කරන කටයුතුවල දී ජනතාව අපහසුතාවයට පත් කරන්න කටයුතු කරන්න එපා. ඒ වගේම පැහැදිලිවම මේ ආණ්ඩුවේ එක ප්‍රතිපත්තියක් නෑ. මට දැනෙන විදිහට නම් 159 දෙනා ඉන්නේ ප්‍රතිපත්ති එකසිය පනස් නමයක. ඒකනේ සමහර ඇමතිවරු කියන්නේ එකසිය පනස් නව දෙනා ඇතුළෙ ඉන්න සමහරු අඳුරන්නෙත් නෑ කියලා. එහෙම නැත්නම් තමන්ගේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ පත්වෙච්ච අය අඩුම තරමේ විහිළුවටවත් කියනවද මේ අය අඳුරන්නේ නෑ කියලා. ඒ හින්දා ආණ්ඩුවට අද වෙලා තියෙන්නේ තමන්ගේ ප්‍රතිපත්තිය නොවන සමහර බටහිර රටවලින් NGOවලින් දීපු ප්‍රතිපත්ති අරගෙන එක කණ්ඩායමක් යනවා, USAID වෙන්න පුළුවන් වෙනත් ආයතන වෙන්න පුළුවන් ඒවයින් දීපු ප්‍රතිපත්තියක් අරන් තවත් කණ්ඩායමක් යනවා. ඒ අතර විජේවීර පටන් ගත්ත දේශපාලන න්‍යාය පත්‍ර ඇතුළෙ ඇත්තට ම පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටපු සමහර අය අද අසරණ වෙලා මේ පක්ෂය ඇතුළෙ බලාගෙන ඉන්නවා. ඉතිං ඒ අයට දැන් ඇත්තට ම හිතෙනවා ඇත්ත ම ජේවීපි එක කොතැනද තියෙන්නේ කියලා."

