පසුගිය දා පාර්ලිමේන්තුවේ දී වත්මන් රජය අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහන පොලී වැඩසටහනක් පිළිබඳව විපක්ෂය දැනුවත් කළ බවත් එය බැලු බැල්මට හොඳ වැඩසටහනක් වුව ද මේ වන විට අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අසාදු ලේඛන ගත වී ඇති බැවින් මේ අය වෙනුවෙන් ලබා දෙන ණය සහනය විපතට පත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් 50%කට ලබා ගත නොහැකි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක කාර්යාලයේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් හමු වූ අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
සුරංගනා කතා එපා...
''විශේෂයෙන් වත්මන් රජයෙන් වගකීම වන්නේ පාස්කු ප්‍රහාරය, කොරෝනා, බංකොලොත්භාවය හා දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දළ දේශීය නිෂ්පාදනයට 52% දායකත්වය ලබා දෙන අපනයන ක්ෂේත්‍රයට 10% දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු දීම යි. සුරංගනා කතා නොකියා මේ අයගේ සැබැ යථාර්ථය තේරුම් ගත යුතු යි.
මේ සම්බන්ධයෙන් රජය උදාසීනයි
පරාටේ නීතිය හරහා මොවුන්ගේ දේපළ වෙන්දේසි වන නිසා එය නතර කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ යුතු යි; පොලී කප්පාදු කළ යුතු යි. විපක්ෂය මේ වෙනුවෙන් කළ හැකි උපරිම දේ කළත් ඒවා අද අසාර්ථක වෙලා. එයට හේතුව රජය ඊට සහයෝගය ලබා නොදීම යි. මේ අයගේ ගැටලු කෙරෙහි රජයේ අවධානය යොමු කර විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ වෙනුවෙන් විපක්ෂය පවා සහයෝගය දීමට කැමති යි. ජනාධිපතිවරයා සහ රජය මේවා සොයා බලා කටයුතු කර මේ අය සුරක්ෂිත කළ යුතු යි.''

