රුසියානු සාහිත්‍ය සන්ධ්‍යාව 29වන දා...

රුසියානු සාහිත්‍ය සන්ධ්‍යාව 29වන දා...

රුසියානු සාහිත්‍ය කවයේ විසිවන සමරුව නිමිත්තෙන් පැවැත්වෙන රුසියානු සාහිත්‍ය සන්ධ්‍යාව ජනවාරි 29වන දා සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතේ, අංක 10 දරන ස්ථානයෙහි පිහිටි රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

එම අවස්ථාවේ දී: 'ලියෝ තොල්ස්තෝයි සාහිත්‍ය සම්මානය' පිරිනැමීම, 'උඩකැන්දවල සරණංකර සාහිත්‍ය සම්මානය' හඳුන්වා දීම, 2028 වසර 'ලියෝ තොල්ස්තෝයි වසර' ලෙස ප්‍රකාශයට පත් කිරීම, නව 'ජාත්‍යන්තර සාහිත්‍ය ත්‍රිකෝණ' සංකල්පය ඉදිරිපත් කිරීම, ලාංකීය ලේඛක ලේඛිකාවන් ගේ නිර්මාණ සමුච්චයක් රුසියානු භාෂාවෙන් ජනගත කිරීම, සෝවියට් - රුසියන් කෙටිකතා කලඹ IV ජනගත කිරීම සිදු කිරීමට නියමිත ය.

මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තන් ලෙස: බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි සහ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් සහභාගි වීමට නියමිත ය.

ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ආචාර්ය සුනිල් සිරිවර්ධන වන අතර: කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මරියා පපෝවා, චූලානන්ද සමරනායක, මහාචාර්ය බරිස් වල්ගෝන්ස්කි, මහාචාර්ය ස්ටනර්යෝවා සහ මහින්ද සෙනරත් ගමගේ උත්සව සභාව ඇමතිමට නියමිත ය.

රුසියානු සාහිත්‍ය, සාහිතය පර්යේෂණය සහ පරිවර්තන අත්දැකීම් පිළිබඳ දැනුම සොයමින් සිටින ඔබ සැමට විවෘත ආරාධනා...!

 

රුසියානු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න