පල්ලේගම විජිත හිමියන් ගේ "සත්කාරය" වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් හෙට (27) දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත ය .
ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති සහ ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ උපසභාපති පල්ලේගම විජිත නායක හාමුදුරුවන් ගේ අනුශාසකත්වයෙන් මේ සංවිධානය කෙරේ.
ඒ අනුව දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ සිසු දරුවන්ට, ගුරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහ ආදි ගුරුවරුන්ට ප්‍රසාද තිළිණ ප්‍රදානය කිරීමේ "සත්කාරය" අධ්‍යාපන තිළිණ ප්‍රදානය හෙට පෙරවරු 9.00 ට පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ දී පැවත් වේ.
2025 වසරේ සෑම ශ්‍රේණියක ම සෑම විෂයකට ම ඉහළම ලකුණු ලබා ගත් සිසුන්ට විශේෂ ත්‍යාාග ලබාදීමත්, විෂය පරිබාහිර සාහිත්‍ය, ක්‍රීඩා, බාලදක්ෂ හෝ වෙනයම් අංශයකින් විශේෂ දක්ෂතා දැක්වූවන් දිරිගැන්වීමේ සුවිශේෂ තිළිණ ප්‍රදානය කිරීමත්, පහ වසර ශිෂ්‍යත්වය, අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් දරුවන්ට ප්‍රසාද ත්‍යාග ලබාදීමත්, සරසවි වරම් ලද දරුවන්ට එම උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට ශිෂ්‍යත්ව ලබාදීමත් මෙහි දී සිදුකෙරේ.
ඊට අතිරේකව පාසලේ ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට ද තිළිණ ප්‍රදානය කිරීම ද තමන්ට එදා ඉගැන් වූ අද සුජීවත්ව සිටින ගුරු මෑණි පියවරුන්ට ගුරු උපහාර තිළිණ ප්‍රදානය කිරීම ද පල්ලේගම විජිත හාමුදුරුවන් ගේ "සත්කාරය" වැඩ සටහනින් සිදුකෙරේ.
අධ්‍යාපන මට්ටම කුමක් වුවත් පාසලේ හැම දරුවකුට ම ත්‍යාගයක් ලබාදීම ද මෙම "සත්කාරය" වැඩ සටහනේ විශේෂත්වය යි.
ඒ අනුව 2026 වසරේ දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් (800) අටසීයකට ආසන්න ප්‍රමාණයකට ද තමන්ට සිප් සතර යහගුණ කියාදුන් ගුරු භවතුන් සහ විදුහල් කාර්ය මණ්ඩලය ඇතුළු ගුරු භවතුන් සීයයකට (100) ආසන්න පිරිසකට ද ප්‍රණාම ප්‍රසාද තිළිණ පිරිනැමීම සිදු වේ.
උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඇමරිකාවෙ ජෝර්ජියා බෞද්ධ විහාරාධිපති පන්නල සිව්වනක් අරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ ත්‍රිපිටකවේදී පනම්වෙල වජිරබුද්ධි නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන්, ආඬාරදෙනිය වතු සමාගමේ සභාපති ආචාර්ය ජිනදාස වෙත්තින්ගේ සහ අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන්නේ ප්‍රවීණ දේශක වෛද්‍ය දිනේෂ් මුතුගල ය.
ජේ. මුණසිංහ

