ආණ්ඩුව සූදානම් වන්නේ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු බෙදා වෙන් කර, විශේෂඥ වෛද්‍ය සේවාව මුදලාලිකරණය කිරීමට බවත්, නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෘත්තීය සමිති අයිතිය වෙනුවෙන්, වෛද්‍ය නිලධාරී සංගමයේ අරගලයට තම සංගමයේ පූර්ණ සහයෝගය පළ කරන බවත් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
වෛද්‍යවරුන් බෙදා වෙන් කරමින්, මර්දනය කිරීමේ ආණ්ඩුවේ පිළිවෙත පරාජය කිරීම, වෘත්තීය අයිතිවාසිකම් රැක ගැනීම සහ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වන බැවින් අත්‍යවශ්‍ය සෑම විටක දී ම සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සටනට සහයෝගය ලබා දෙන්නේ යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය යි.
මාධ්‍ය නිවේදනය
නිදහස් සෞඛ්‍ය සේවාව බෙදා වෙන් කර දුර්වල කිරීමේ දේශපාලන උත්සාහය වහා නවත්වන්න
ආණ්ඩුව හදන්නේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් බෙදා වෙන් කරලා, විශේෂඥ වෛද්‍ය සේවාව මුදලාලිකරණය කරන්නයි.
නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෘත්තීය සමිති අයිතිය වෙනුවෙන්, වෛද්‍ය නිලධාරී සංගමයේ අරගලයට අපි පූර්ණ සහයෝගය පළ කරනවා.
රෝගීන්ව ප්‍රාණ ඇපයට තබාගෙන සිටින්නේ වෛද්‍ය සංගම් නොව, වර්ජන අනවශ්‍ය ලෙස දික්ගස්වා දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරන ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා බව අපි දැඩිව අවධාරණය කරමු.
කාලාන්තරයක් තිස්සේ වෛද්‍යවරුන් විසින් භුක්ති විඳපු වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කරමින්, සාධාරණ හා විවෘත සාකච්ඡා මඟින් විසඳුම් සොයන්නේ නැතිව, විශේෂඥ වෛද්‍යවරුන් සහ සාමාන්‍ය වෛද්‍යවරුන් අතර භේදයක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. එය සෞඛ්‍ය සේවාව තුළ අස්ථාවරතාවක් සහ අවිශ්වාසයක් නිර්මාණය කරන බරපතළ ක්‍රියාවලියකි.
සෞඛ්‍ය සේවාව අද රෝගීන්ට අවශ්‍ය සේවා සම්පූර්ණයෙන් ලබා දීමට අසමත් වී තිබේ. එය වෘත්තීය සමිතිවල දෝෂයක් නොව, ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය අසාර්ථකභාවය යි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් අතිශයින් ඉටු කරමින්, සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කර ගැනීමට පාර සකස් කිරීමේ උත්සාහයක් මේ හරහා සිදු වෙමින් ඇතැයි අපි සැලකෙමු.
විශේෂඥ වෛද්‍යවරුන් වෙනම කණ්ඩායමක් ලෙස වෙන් කරමින්, ඔවුන් පෞද්ගලික අංශයට යොමු කිරීමේ වැඩපිළිවෙළකට පියවර ගෙන ඇති බවට පෙනී යයි. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මඟින් නිදහස් සෞඛ්‍ය සේවාවේ කාර්යයන් පෞද්ගලික අංශයට පැවරීමට අනුමැතිය ලබා ගැනීම එහි එක් අදියරක් බව අපි සලකමු.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුර්වල කරමින්, වෛද්‍යවරුන් අතර ගැටුම් ඇති කිරීමට කටයුතු කිරීම, නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතයට බරපතළ තර්ජනයකි. වෘත්තීය සමිතිවලට මෙලෙස සලකන ආකාරය සම්බන්ධයෙන් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අවධියෙන් සිටිය යුතු ය.
එනිසා වෛද්‍ය සංගමය බෙදා වෙන් කර මර්ධනය කිරීමට උත්සාහ කරන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කොන්දේසි විරහිත සහයෝගය පළ කරමු.
වෛද්‍යවරුන් බෙදා වෙන් කරමින්, මර්දනය කිරීමේ ආණ්ඩුවේ පිළිවෙත පරාජය කිරීම, වෘත්තීය අයිතිවාසිකම් රැක ගැනීම සහ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය සෑම විටකදීම අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සටනට සහයෝගය ලබා දෙනවා.
රවී කුමුදේශ්
සභාපති - සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය

