පාසල් ළමුන් අතරේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.
අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ විශේෂයෙන් පාසල් ආශ්‍රිතව අයිස් පලම්, බොම්බයිමොටයි, ටොෆි, බිස්කට් සහ සාරවිට ආශ්‍රයෙන් මාවා සහ බාබුල් විකිණීමේ ක්‍රමයක් පවතින බවය.
එවැනි ව්‍යාපාරික තැනැත්තන් පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මේ වනවිට ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.
එමෙන් ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන අතර ඒ සම්බන්ධයෙන් කිසිඳු පුද්ගලයකුට සමාවක් හිමි නොවන බවය.
ඒ අනුව කොකේන්, අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම මරණ දණ්ඩනය හිමි වන වරදක් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සිය හිතවතුන් මෙම මත් උවදුරෙහි ගොදුරක් වීමට ප්‍රථම තම ප්‍රදේශයේ සැකකටයුතු යමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ලබා දීම මහජනතාවගේ වගකීමක් වන බව ද මෙහි දී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

