රාජ්‍ය සේවක වාහන පර්මිට් 25,000ක් වසර පහක් තිස්සේ දුම් මැස්සේ!

රාජ්‍ය සේවක වාහන පර්මිට් 25,000ක් වසර පහක් තිස්සේ දුම් මැස්සේ!

රාජ්‍ය සේවකයන් 25,000කට වැඩි පිරිසක් තීරුබදු රහිත වාහන බලපත්‍ර වසර පහකට වැඩි කාලයක් තිස්සේ වාහනයක් ලබා ගැනීමට නොහැකිව නිකරුණේ ළඟ තබාගෙන සිටින බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් එම රාජ්‍ය සේවකයෝ දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, එම තීරුබදු රහිත වාහන බලපත්‍ර වෙනුවෙන් වාහන ආනයනය කිරීමට රජය තවමත් තීරණයක් ගෙන නැති බවයි.

මෙරටට වාහන ගෙන්වීම අත්හිටුවීමෙන් පසුව රාජ්‍ය සේවකයන් සඳහා නිකුත් කෙරුණු තීරුබදු සහන වාහන බලපත්‍ර සංඛ්‍යාව 25,508කි.

රාජ්‍ය සේවකයන්ට වාර්ෂිකව බලපත්‍ර නිකුත් කර ඇති ආකාරය.

2020 : 5,373
2021 : 2,972
2022 : 3,340
2023 : 5,718
2024 : 6,062
2025 : 2,043

වසර පහක් තිස්සේ පවතින මෙම ගැටලුව හේතුවෙන් රාජ්‍ය සේවකයන් අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

(lankalokaya | අසේල පෙරේරා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න