අවුරුදු 16 දක්වා දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරන නීති රීතී

අවුරුදු 16 දක්වා දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරන නීති රීතී

වයස අවුරුදු 16 දක්වා දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරන නීති රීතී සලසන්නැයි ජාතික මාධ්‍ය පදනම රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීම ජාතික මාධ්‍ය පදනමේ සභාපති චන්ද්‍රපාල ලියනගේ ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අගතීන් ගෙන් ආරක්ෂා වීම සඳහා පිළිගත් විවිධ මූලධර්ම

ලෝකය තුළ සිදුවන වේගවත් සන්නිවේදන සහ තාක්ෂණික දියුණුවත් සමග බොහෝ රටවල් එහි අනිසි ප්‍රතිඵල අත් විදිමින් සිටිති. ඔවුන් මුහුණ දෙන අගතීන් ගෙන් ආරක්ෂා වීම සඳහා පිළිගත් විවිධ මූලධර්ම අනුගමනය කරයි. සෑම රටකටම එක හා සමානව සමාජ ආර්ථික ආගමික හා සංස්කෘතික ක්‍රියාවලියක් පවතින්නේ නැත. එසේම දේශපාලනිකව හෝ නීතිමය තත්ත්ව යටතේ වුව ද ඒ ඒ රටවල අනන්‍යතා ආරක්ෂා කරගැනීමට පුළුල් වෙහෙසක් දරයි.

වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්...?

රටක ජාතියට යහ පැවැත්වම රඳා පවතිනුයේ එහි ආරක්ෂා වන ගුණාංග සමුදාය මත ය. එයට ආර්ථිකයේ සිදුවන ප්‍රමාණාත්මක වර්ධන පමණක් ඉවහල් නොවේ. රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළට ද ඇතුළත් විය යුත්තේ දරුවන්ට සමාජ දැනුමත් සහ අවබෝධයක් නොමැති ක්ෂ්‍රේත්‍ර හඳුනාගෙන ඉගැන්වීමට පහසු වීම සඳහා ය. මිනිසාට සොභාදහමෙන් ලැබුනු දෑ විනාශ වීමට තාක්ෂණය හෝ නවීකරණයට ලක් වූ ක්‍රියා නිසා ඉඩ නොතැබිය යුතු ය.

මෙම කරුණු පිළිබදව රජයේ මෙන්ම සමස්ත සමාජයේ ම අවධානය යොමුවිය යුතු ය. එසේ අවධානය යොමු කර ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවට අමතරව නව නීතිරීති හඳුන්වා දෙමින් හෝ වයස අවුරුදු 16 අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගත යුතු යැයි ජාතික මාධ්‍ය පදනමේ සභාපතිවරයා ඉල්ලා සිටී.

ජේ. මුණසිංහ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න